29.6 C
Sri Lanka
Monday, June 30, 2025
Homeදේශීය පුවත්මෛත්‍රීපාල ශ්‍රීලනිපෙ සභාපති ධූරය දැරීම නීතිවිරෝධී

මෛත්‍රීපාල ශ්‍රීලනිපෙ සභාපති ධූරය දැරීම නීතිවිරෝධී

හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී  මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ  නීති විරෝධිව සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. 

ඒ මහත්මිය මේ බව සඳහන් කළේ අද(08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 122වන ජන්මදින සැමරුම්  අවස්ථාවේදී පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට එක්වෙමින්ය. මෙම සැමරුම  ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී පැවැත්විණි. එහිදි මාධ්‍යවේදීන්ගේ පැනවලට පිළිතුරු ලබාදුන් බණ්ඩාරනායක මහත්මිය මෙසේද කීවාය.......මේවන විට ශ්‍රී.ල.නි.ප.යට කිසිදු ගමන් මාර්ගයක් නැතිවෙලා තියෙනවා.මම තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිනවා. මම මේ අවස්ථාවට පැමිණියේ කලින් එන්න ඕනේ නිසයි. මේ අවස්ථාවට එන්න කියලා මට ආරාධනාවක් නැහැ. නමුත් අපිට මේවාට එන්න ආරාධනා අවශ්‍ය නැහැ. මම කිසිදිනෙක එක්සත් ජාතික පක්ෂයට ගියේ නැහැ. එ.ජා.ප.යට ගියේ මෛත්‍රීපාල සිරිසේනයි. එය එ.ජා.ප. කාර්යාලයට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහතා මට සැමදාමත් සර් කියන්න අවස්ථාව දෙන්න කියලා කිව්වේ එයයි. මේවනවිට ශ්‍රී.ල.නි.‍ෙ විකුණලයි තියෙන්නේ ඒ නිසා අපිට එකතු වෙන්න දෙයක් නැහැ.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments