26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedබඩෝවිට අසංකගේ ගෝලයකු හෙරොයින් සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට..

බඩෝවිට අසංකගේ ගෝලයකු හෙරොයින් සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට..

බඩෝවිට අසංකගේ ගෝලයකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් වැටලීම් සිදුකර ඇත.

සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය මොරටුව කඳවුරේ උප පොලිස් පරීක්ෂක පී.ඩබ්. පද්මලාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්කිස්ස පොලිස් වසමේ අංක 86/B,04 වන අධියරය, බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී විදේශ ගතව සිටින ගල්කිස්ස ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන බඩෝවිට අසංක නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මොහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක පුද්ගලයකු වේ.

නීති විරෝධී ව රජයට අය විය යුතු විශාල තීරු බදු මුදලක් අහිමි කරමින් හොර රහසේ මෙරටට ගෙන්වන ලද නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය i හි උප පොලිස් පරීක්ෂක ඩි.ඩි.ඒ. ජයසාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගමුව පොලිස් වසමේ අංක 46/1 යූසුප් හාජියාර් මාවත, පෙරියමුල්ල මීගමුව ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධීව තීරු බදු නොගෙවා හොර රහසේ මෙරටට ගෙන්වන ලද දුම්වැටි 1,900 ක් සන්තකයේ තබාගෙන සිටි මීගමුව ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තිරුබදු රහිතව නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද B&H වර්ගයේ දුම්වැටි තොගයක් අලෙවිය සදහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය උතුරු පලාත් විශේෂ වැටලිම් එකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී බන්දුසිරි මහතාගේ අධීක්ෂණයෙන් උතුරු පලාත් විශේෂ වැටලිම් එකකයේ උප පොලිස් පරීක්ෂක එම්.ඩී. සදරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) මන්නාරම පොලිස් වසමේ එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරුබදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද B&H වර්ගයේ දුම්වැට් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පාලාවිය, පුත්තලම ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 64 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments