22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමත් කරල් තොගයක් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර් ය...

මත් කරල් තොගයක් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර් ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත කුරුණෑගල කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඩි.ඩබ්.වි.බි. අතුල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) රිදීගම පොලිස් වසමේ ඔලගම විශුද්ධාරාම විහාරස්ථානය අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ජාවාරම් කිරීම සදහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 330 ක් හා ප්‍රි ගැබ්ලින් වර්ගයේ මත් කරල් 950 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිට් කුරුණෑගල මැහි ඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රිදීගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මාඑළිය අධි රක්ෂිතයේ ස්වාභාවික පරිසරයට හා ජෛව විවිධත්වය ට දැඩි හානි සිදුකරමින් නීති විරෝධි ව මැණික් ගැරූ පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත නුවරඑළිය කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එමි.පි.එන්. රංජන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) බගවන්තලාව පොලිස් වසමේ හෝර්ටන්තැන්න, මාඑළිය අධි රක්ෂිතයේ, බටදෙනිය ඇල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අනවසරයෙන් මාඑළිය අධි රක්ෂිතයට ඇතුළු වී එහි ස්වාභාවික පරිසරයට හා ජෛව විවිධත්වය ට දැඩි හානි සිදුකරමින් බලපත්‍ර නොමැතිව මැණික් සොයා කැණීමි කළ බෙලිහුඔය සහ බගවන්තලාව ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් 09 දෙනෙකු කැණීම් කිරීම සදහා භාවිතා කරන උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බගවන්තලාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments