21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොළඹ රතු කුරුසයෙන් ගුරුවරුන්ට ජීවිතාරක්ෂකපුහුණුව

කොළඹ රතු කුරුසයෙන් ගුරුවරුන්ට ජීවිතාරක්ෂකපුහුණුව

පාසලේ ඇතිවන හදිසි ගිනි හෝ අනතුරු අවස්ථාවල දී ගතයුතු ආරක්ෂක විධිවිධාන පිළිබඳ කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ට හා පෙරපාසල් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව පියවර ගෙන ඇත.

මේ යටතේ පුහුණු සැසි වාර තුනක දී කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් එකසිය පහළොවක (115)ගුරු භවතුන් එකසිය තිස් එක්දෙනෙකුට (131) සහ පෙර පෙර පාසල් එකසිය දහයක (110) ගුරුභවතුන් එකසිය විසි දෙනෙකුට (120) ගිනි නිවීම් සහ හදිසි අනතුරු අවස්ථාවල දී ක්‍රියාත්මක වියයුතු අන්දම පිළිබඳ පුහුණුවීම් සහ දැනුම්වත් කිරීම් ලබා දුන් බව ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාවේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසන්නීය.
මෙම පුහුණු හා දැනුම්වත් කිරීමේ වැඩසටහන් හෝමාගම මීපේ දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානයේ දී පසුගිය දිනවල පැවැත්වුණි.

මෙහි දී බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන් (44) හතලිස් හතර දෙනෙකුට ද මෙම පුහුණුව හා දැනුම්වත් කිරීම් ලබා දී ඇත

මෙහි දී මූලික ප්‍රථමාධාර ක්‍රම,ගිනි නිවීමේ හා පුද්ගලයන් ගලවා ගැනීමේ ක්‍රමවේද,පාසල් පරිශ්‍ර තුළ ආපදා කළමනාකරණය යන කරුණු පිළිබඳ විධිමත් සිව් දින පුහුණුවක් ලබා දුන් බව කුමාරි කොතලාවල මහත්මිය පැවසුවාය.
මෙම පුහුණු වැඩ සටහනට වෛද්‍ය ඉන්දික එල්ලාවල, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ පුහුණු උපදේශක රොෂාන් රුක්මාල්, ජෙෂ්ඨ ප්‍රථමාධාර උපදේශක අමරසිරි පෙරේරා,බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයනි පෙරේරා, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දුෂ්මන්ත රාජපක්ෂ,කොළඹ දිස්ත්‍රික් රතුකුරුස ශාඛාවේ අධ්‍යාපන සම්බන්ධීකාරක චමෝත් සවින්ද ප්‍රතිභා යන අය එක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments