21.9 C
Sri Lanka
Saturday, June 21, 2025
Homeදේශීය පුවත්police newsප්‍රබල සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන උනාපුරුවේ ශාන්තගේ දේ...

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන උනාපුරුවේ ශාන්තගේ දේ මස්සිනාලා කෝටි විසි දෙකක් වටිනා අයිස් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

මත්ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (සංවිධානාත්මක අපරාධ ,ත්‍රස්ත මර්ධන,බුද්ධි )සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ධනුෂ් රනසිංහ ඇතුලු නිලධාරී කංඩායමක් විසින්
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන උනාපූරුවේ ශාන්ත නැමැත්තාට අයත් බව පැවසෙන අයිස් සහ හෙරොයින් කිලෝ අසූ හතයි ග්‍රෑම් එකසිය තිහක් සැකකරුවන් දෙදෙනෙකු මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ වටරැක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි විසි දෙකකට අධික වන අතර

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන (41) සහ තලවතුගොඩ (31) පදිංචි උනාපූරුවේ ශාන්ත නමැත්තාගේ මස්සිනා දෙදෙනකු අනාවරණය වී ඇත.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව විශේෂ මෙහෙයුම් 3 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනුෂ් රණසිංහ ඇතුලු කංඩායමක් විසින් මීගොඩ පොලිස් වසමේ වටරැක ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී නිවසක් අසල ගාල්කර තිබූ ලොරි රථයක ඉතා සූක්ෂමව සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය විශේෂ කාර්යය බලකාය විසින් සොයාගෙන තිබුණි.

පසුව මත්ද්‍රව්‍ය තොගය කිරා මැන බැලීමේදී ඒ තුළ අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 57 ග්‍රෑම් 380 සහ හෙරොයින් කිලෝ 29 ග්‍රෑම් 750 තිබී ඇත

ඒ අනුව එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් උනාපූරුවේ ශාන්ත නමැත්තාගේ මස්සිනා දෙදෙනෙකු බවත් එම මත් ද්‍රව්‍ය ඔහුට අයත් ඒවා බවට මූලික විමර්ශනය වලදී අනාවරණය වූ බවත් පැවසේ.

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම මත් ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු ඉහළ නිලධාරින් පැමිණ නිරීක්ෂණය කොට එම මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්‍ෂණ සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදෙන ලෙසට නියෝග කළේය.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments