26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයටද අවස්ථාව ලබාදෙන්න.

සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයටද අවස්ථාව ලබාදෙන්න.

ඊයේ දිනයේ වෙළඳ ඇමතිතුමා සමග සාකච්ඡා කරා ඉන් අනතුරුව ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් පැවැත්තුවා ආනයනකරුවන් වශයෙන්
රජය දැනටමත් ටොන් 70000 ක් ගෙන්වන්න පිටරටින් ආනයනය කරන්න කියලා තීරණයක් අරන් තියෙන පසුබිමක

ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටියේ පෞද්ගලික අංශයට මුදා හරින්න කියලා දැනට රජය තීරණයක් අරන් තියෙන්නේ STC එක සහ shathosa ටෙන්ඩර් කැඳවලා ගේන්න දැනටමත් ටෙන්ඩර් කැඳවලා තියෙනවා
පස්වෙනිදා ටෙන්ඩර් එක අරිනවා අපි ඉල්ලන්නේ රජය ඒ කරන අතරේ මේක පෞද්ගලික අංශයට නිදහස් කරන්න එතකොට අපිට පුළුවන් වෙනවා සති දෙකක් ඇතුළත ගෙනල්ලා හිඟය මගහරින්න
ඉන්දියාවෙන් ගෙනෙන ඉතා හොඳ වර්ගයේ නාඩු වලට සමාන ස්වර්ණ නාඩු කියන දේ ගෙනල්ල අපිට දෙන්න පුළුවන්
ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා රුපියල් 65ට තියෙන තීරු බද්ද රුපියල් පනහකට අඩු කරලා දෙන්න එතකොට අපිට පුළුවන් පාරිභෝගිකයාට 220 මිලට පවත්වාගෙන යන්න

ජනාධිපතිතුමා කිව්වා සලකලා බලන්නම් කියලා

අපට දවස් දහයක් ඇතුළත හාල් ගෙන්නන්න පුළුවන්
සහල් ගෙන්නන්න දිගටම ඉල්ලුවේ නැහැ අපි ඉල්ලුවේ දෙසැම්බර් 31 දක්වා පමණයි ලබන පෙබරවාරි සිට කන්නයක් පැමිණෙන නිසා ;ගෙන්වීම දිගටම දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ

ඒකෙන් ගොවියාට හානියක් වෙන්නෙත් නැහැ පාරිභෝගිකට විශාල සහනයක් වෙනවා

නිහාල් සෙනෙවිරත්න
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු සභාපති

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments