21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් මූල්‍ය වංචාවල...

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් මූල්‍ය වංචාවල නිරත වන පුද්ගලයින්ට හසු නොවන්න…

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් වට්සැප් සබැදි නිර්මාණය කරමින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයිනගෙන් මුදල් වංචාවන් කිරීමේ ජාවාරමක් පිළිබදව කාර්යාංශයට තොරතුරු අනාවරණය වී ඇත.

කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුවේ පල කරන ඡායාරූප අවභාවිත කරමින් මෙම මූල්‍ය වංචාවල නිරත වන බවට පුද්ගලයින් කිහිපදෙනෙකු “ සභාපතිට කියන්න ” වැඩසටහන සදහා පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මෙලෙස වංචනික ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී ඇති අතර මෙය මුලුමනින්ම වංචාවක් බවට කාර්යාංශය සදහන් කරයි. මෙවැනි  වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින්නන්ගෙන් කාර්යාංශය දැඩිව ඉල්ලා සිටී. මෙම වංචාකරුවන් හා කාර්යාංශය අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද අවධාරණය කරයි.

මෙවැනි  වංචනික කටයුතු පිළිබද තොරතුරු 24 පැයේ ක්‍රියාත්මක  කාර්යාංශයේ 1989 දුරකථන අංකයට හෝ 071 7593593 යන වට්සැප් අංකයට තොරතුරු ලබා දෙන ලෙස  කාර්යාංශය ඉල්ලා සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments