26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සාත්තු සේවා විෂය නිර් දේශයේ සංශෝධනයක්...

සාත්තු සේවා විෂය නිර් දේශයේ සංශෝධනයක්…

සාත්තු සේවා (caregivers) විදේශ රැකියා සදහා ලබා දෙන පුහුණුවට අදාළ දැනට පවතින විෂය නිර්දේශය සංශෝධනය කිරීමට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තීරණය කර තිබේ.

එම විෂය නිර්දේශයේ සිදු කල සංශෝධනය පිළිබදව දැනුවත් කිරීම සදහා වූ වැඩසටහන ඊයේ දින (2024.12.16) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙලෙස සංශෝධනය සිදු කොට ඇත්තේ පැවති  විෂය නිර්දේශයේ පවත්නා වූ නොගැළපීම් සහ පැරණි විෂය නිර්දේශය යටතේ වෙනත් රටවලට ඇති ඉල්ලුමට අනුව සැපයුම ලබා දීම සදහා පුහුණුව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙය සෑම රටකටම ගැළපෙන ලෙස තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මෙම නව සංශෝධනය හදුන්වා දී තිබේ. සෑම වසර තුනකටම වරක් මෙම සංශෝධනයන් සිදු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි .

මෙම සංශෝධිත විෂය නිර්දේශය  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය, දඹුල්ල, රත්නපුර, බදුල්ල, තංගල්ල හා පොළොන්නරුව යන පුහුණු මධ්‍යස්ථානයන්හි මෙන්ම කාර්යාංශයේ   අනුමැතිය ලද පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන 28 ක් තුළ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

මෙම සංශෝධිත නව විෂය නිර්දේශය  පිළිබද දැනුවත් කිරීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය සුදත් දම්සිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. නව විෂය නිර්දේශයට අනුව කටයුතු කරන ආකාරය පිළිබද දැනුවත් කිරීම තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC)  අතිරේක අධ්‍යක්ෂ ජනරාල් W.A විජේසිංහ මහතා විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් චාමින්ද, පුහුණු අංශයේ කළමණාකරු ආනන්ද ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු  පුහුණු උපදේශන ආයතන 25 ක නියෝජිතයින් 70 දෙනෙකු ද මෙම වැඩසටහනට සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments