26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සැමරුම් කතාව මෙසේ විය යුතු බව එම අමාත්‍යාංශය අවධාරණය...

මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සැමරුම් කතාව මෙසේ විය යුතු බව එම අමාත්‍යාංශය අවධාරණය කරයි.

“එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්,ලාංඡන,ඡායාරූප යොදාගනිමින් මියගිය සාමාජිකයින් සැමරීමට බාධාවක් නොමැති” බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ යැයි සඳහන් කළ නොමග යවනසුළු පුවත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙමින් පවතින බව අප හට නිරීක්ෂණය විය.

නමුත් එම වීඩියෝ පට පසුගිය දා ගල්ගමුව ප්‍රදේශයේ දී පැවති වැඩසටහනකදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශය අර්ථය වෙනස් වන පරිදි සංස්කරණය කළ වීඩියෝ දර්ශන වේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එම අවස්ථාවේ සදහන් කර සිටියේ “නීත්‍යානුකූලව තමන්ගේ ඥාතියෙකුගේ මියයාම සමරන්නට ඕනෑම කෙනෙකුට ඉඩ ඇති නමුත් මහවිරු සැමරුම් කරන්නට ඉඩකඩක් නොමැති බවත්, එල්.ටී.ටී.ඊ ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිත කරන්නට ඉඩකඩ නොමැති බවත්ය. එහිදී එතුමා තවදුරටත් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වන බවයි. එමෙන්ම උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මිය ගියානම් ඒ දරුවා සිහිපත් කිරීමට අයිතියක් තිබෙන නමුත් සංවිධානයක් ලෙස තහනම් කල සංවිධානයක් යලි ස්මරණය කරමින් ඔවුන්ගේ සංවිධාන වල අධිපත්‍ය ස්ථාපනය කරන බවට සමාජයට ඒත්තු යෑමට ඉඩ නොදෙන බවත්ය.

ඒ අනුව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා සිදු කලේයයි පවසමින් සංසරණය වන විකෘති කල පුවත් සාවද්‍ය සහ නොමග යවන සුළු පුවත් බැවින් එම පුවත් නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments