21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPආනයනික සහල් මෙට්‍රික් ටොන් හැටහත්දහසක් රටතුලට මුදාහැරියා-සීවලි අරුක්කොඩ

ආනයනික සහල් මෙට්‍රික් ටොන් හැටහත්දහසක් රටතුලට මුදාහැරියා-සීවලි අරුක්කොඩ


සහල් ආනයනය සඳහා ලබාදී තිබුණු කාලය අවසන්වී තිබෙන අතර එහි කාලය දිගු කිරීමට රජයේ යම් සැලැස්මක් ඇති බවට ආරංචියක් තිබෙන බව අතිරේක අධ්‍යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

සහල් ආනයනය සඳහා රජය විසින් ලබාදී තිබුණු කාලය දැන් අවසන්වී තිබෙනවා. ඒ අනුව මේ වනවිට රටට ලැබුණු සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් හැටහත්දහසක්. මෙයින් මෙට්‍රික්ටොන් විසිඅටදහස් පන්සීයක් කැකුළු සහල් වන අතර ඉතිරි සහල් මෙට්‍රික් ටොන් තිස්අටදහස් පන්සීය නාඩු සහල්වේ. මේවනවිට මේ සියලු සහල් ප්‍රමාණය නිෂ්කාශනය කොට රට තුලට මුදාහැරීම සිදුවෙනවා.

සහල් ආනයනය කාලය අවසන්වුණත් එය දිගු කිරීමට රජයේ අදහසක් තිබෙන බව කියැවෙනවා. නමුත් ශ්‍රී ලංකා රේගුවට නිෂ්කාශන කටයුතු සිදුකිරීමට හැකිවන්නේ එම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුවයි.

මෙම සහල් වෙනුවෙන් කිලෝග්‍රෑම් එකකට ශ්‍රී ලංකා රේගුව රුපියල් හැටපහක බද්දක් අය කරනු ලැබුවා. ඒ අනුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.3ක බදු මුදලක් ශ්‍රී ලංකා රේගුව අයකරගනු ලැබුවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments