25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතිය අහිමියි

රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතිය අහිමියි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා,

“සාමාන්‍ය අධිකරණයෙන් දඬුවමක් දුන් පසු එයට අභියාචනා කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ නඩුවේදී එසේ කිරීමට හැකියාවක් නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සලකා බැලීමක් සිදුකරනු ලැබුවේ, අධිකරණයට අපහසවීමක් සිදුවූණාද කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව රන්ජන් රාමනායකට මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා. ඔහුට මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ඒමට, ඒ සම්බන්ධයෙන් කටයුතු කිසිදෙයක් කරන්නට හැකියාවක් නැහැ. ඒ අනුව ඔහු අවුරුදු 4කින් පසුව හෝ ඊට පෙර ජනාධිපතිවරයා යම්කිසි සමාවක් දුන්නහොත් පමණක් ඒ පිළිබඳ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ.“ 

ඒ අනුව, රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවන අතර සිර දඬුවම අවසන් වන දින සිට තවත් වසර 7ක් දක්වා ඔහුගේ ඡන්ද අයිතියද අහිමිවනු ඇත.

එම හේතුවෙන් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමට හිමිවීමට ඉඩ තිබේ.

පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී “සමගි ජන බලවේගය” පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ රන්ජන් රාමනායක මහතා මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර මාන්නප්පෙරුම මහතාට මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමිවිය.

සමගි ජනබල වේගය පක්ෂයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 4ක් හිමිවිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments