29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වරාය වෘත්තීය සමිති හෙට ජනාධිපති කමිටුව හමුවෙයි

වරාය වෘත්තීය සමිති හෙට ජනාධිපති කමිටුව හමුවෙයි

ජනාධිපති  පත් කළ කමිටුව, කැබිනට් මණ්ඩලය පත් කළ කමිටුව, අපේ වෘත්තීය සමිති විසිතුන හා පාලන අධිකාරිය එක්ව  ලබන (16) සාකච්ඡා කොට එකඟතාවයක් ඇති කරගන්නාතෙක්  මේ සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාකාර කම් අත්හිටුවන ලෙස අපේ ඉල්ලීමට ඇහුම් කන් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක් ලබාදුන් බව 
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පිහිටුවා ඇති වාණිජ කර්මාන්ත සේවා හා ප්‍රගිතිශීලි සේවක සංගමයේ ලේකම් සංජය වැලිගමගේ මහතා පැවසීය. 


ඒ මහතා මේ බව සඳහන් කළේ  ශ්‍රී ලංකා වරයා අධිකාරියේ නැඟෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුවි ඇති අර්බුදය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (13) වරාය වෘත්තීය සමිති නියෝජිතයින් පැවැත්වු  සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත කරුණු දක්වමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද කීය........... තවම ස්ථිර විසඳුමකට පැමිණියේ නැහැ. නමුත් යම් සාධනීය තත්ත්වයක් ඇති කරගන්න  හැකිවුණා කියා විශ්වාස කරනවා . ජනාධිපති සෘජුවම පිළිගත්තා මෙය  යහපාලන ආණ්ඩුව සමයේ ඇතිවු ගිවිසුමක් බැවින් එහි තිබෙන අහිතකර දේවල් ඉවත් කරන්න. එසේම භූගෝලීය දේශපාලන තත්ත්වයත් සමග ගත්ත තීන්දුවක් බැවින්   රටක් වශයෙන් ගත හැකි  උපරිම සාධාරණ තැනකට පැමිණ තිබෙන බවද ඒ අනුව  49-51% තුල ආයෝජනය කරන්න ඕනේ කියලා. එහිදි  විකිණීමක්වත් බදු දීමක්වත් සිදුනොවන බව පැවසුවා.  

එහිදි අපි වෘත්තීය සමිති ලෙස පැවැසුවේ මේක සීයයට සීයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවිය යුතයි කියලයි. දැන් සැලසුම් ඉදිරිපත් කරලා තියෙන වරාය අධිකාරියේ නිලධාරින්ම තමයි ඉකුත් ආණ්ඩුව සමයේත්  වරාය වැටෙනවා කියලා එම ගිවිසුම් ගහන්න පිඹුරු පත් සකස් කර දුන්නේ. ඒ ගැන කරුණු ජනාධිපතිට අපි ඉදිරිපත් කළා. එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගත්තා. 

එහිදි ලබන (16) වරාය පිළිබඳ තාක්ෂණික කරුණු පෙන්වාදෙන්නත් එහි සිදුවු දූෂණ අක්‍රමිකතා හා ගසා කෑම් පෙන්වාදෙන්නත් බලා පොරොත්තු වෙනවා. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments