කොවිඩ් 19 වසංගත සමයේ ශ්‍ර්‍ර්‍රීිලංකාව මුහුණ දුන් කොවිඩ් ආසාදිතයන්ගේ ජීවිත බේරා ගැනීමට දිවා රෑ නැතුව කටයුතු කර,සැබෑ රාජ්‍ය සේවකයෙකු මෙන්ම මානව හිතවාදී වෛද්‍යවරයෙකු ලෙසසෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල ද අයගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ, පසුව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ,වෛද්‍ය අන්වර් මොහොමඩ් හම්ද්‍රාණි මහතා සිය සේවය අවසන් කර මෙරටට පැමිණෙන අවස්ථාවේ නවදිල්ලියේ ශ්‍රී ලංකා බෞද්ධ වන්දනා නිකේතනයේ අභිවෘද්ධිය සහ පැමිණෙන බෞද්ධ වන්දනාකරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඒ මහතා ඉටුකළ කාර්ය භාරය අගය කරමින් නවදිල්ලිය බෞද්ධ වන්දනා නිකේතනයේ පරිපාලන ලේකම් පූජ්‍ය පල්ලේගම විජිත හිමියෝ පසුගියදා එතුමාට උපහාර තිළිණයක් ප්‍රදානය කළහ. එම වන්දනා නිකේතන පරිශ්‍රයේ පැවැති එම උත්සවයට පූජ්‍ය අඹගස්වැවේ පියරත්න හිමියන් සහ බෞද්ධ වන්දනාකරුවන් විශාල පිරිසක් ද එක් වූහ.

