21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවීම 2024දී...

ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවීම 2024දී…

ශ්‍රි ලාංකේය ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇති ඇති වර්ෂය ලෙස 2024 වන අතර, මෙම වර්ෂය තුළ විදේශ ගතවූ ප්‍රමාණය 312,836 කි.

මීට පෙර වැඩිම පිරිසක් විදේශ ගතවී ඇත්තේ 2022 වර්ෂයේ වන අතර, පසුගිය වසර 6 තුළ (2019-2024)  ශ්‍රි ලාංකිකයින් ලක්ෂ 13ක් රැකියා සඳහා විදෙස් ගතවී තිබේ.

2024 වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් 185,162 හා කාන්තාවන් 127,674 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ. ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 77,546 කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 51,550 කි.

කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව පෙනි යන වැදගත් කරුණක් වනුයේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරිමයි. ඒ අනුව 2024 වර්ෂය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 7,098 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 9,665 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 8,665 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයද මෙම කාලසීමාව තුළදී සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව 2024 නොවැම්බර් මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 6462 ක් මෙරටට ලැබී තිබේ.

මේ අතර, 2023 වර්ෂයේ රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ ශ්‍රි ලාංකිකයින් 297,584 ක් වන අතර, ඊට කාන්තා ශ්‍රමිකයින් 132,904 ක් හා පිරිමි ශ්‍රමිකයින් 164,680 දෙනෙකු අයත් වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments