26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeආගමිකගුරු බැති පුදට පිදු දාගැබ

ගුරු බැති පුදට පිදු දාගැබ

ස්වකීය ගුරු දේවෝත්තමයාණන් වූ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 ජන්ම දිනය නිමිත්තෙන් ජපානයේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියන්
සිය ගම වූ කැකිරාව ඉපලෝගම ගන්තිරියාගම ශ්‍රී ජයෙන්ද්‍රාරාමයේ ඉදිකළ සෑ
රදුන් බොදු ජන පුදට කැප කිරීම පසුගියදා බානගල උපතිස්ස නා හිමියන්ගේ සුරතින් සිදුකෙරින.

දෙහිවල නුවන් මැදගේ සහ සෙව්වන්දි වාසනා
හෙට්ටිහේවා යුවළ ගේ ධන පරිත්‍යාගයෙන් මෙම චෛත්‍යය ඉදි කෙරින.මෙම සෑය මාස හතරක් තුළ ධාතු නිධන් කර කොත් වහන්සේ පළඳවා ඉදිකිරීම අවසන් කිරීම අතිශය සුවිශේෂ සිදුවීමක් බවත්,තම ගුරුවරයෙකුට මෙවැනි ගුරු පූජාවක් සිදු කිරීම අතිශය දුර්ලභ බව මෙම අවස්ථාවට එක් වූ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පොලිස්පතිනි ශ්‍රීමති අනුරාධා ශංකර් මැතිනිය ප්‍රකාශ කළාය.
විහාරස්ථානයකට තිබිය යුතුම අංගෝපාංගයක් වන චෛත්‍යයක් තම ගම් ප්‍රදේශයේ විහාරයේ ඉදිකිරීම සම්බන්ධව කොස්වත්තේ පාලිතා හාමුදුරුවන්ටත් ඊට දායක වූ සැමටත් තම ස්තුතිය පුද කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරසේකර මහතා මෙහි දී පැවසීය.

මෙම අවස්ථාවටවිහාරාධිපති ගන්තිරියාගම ගුණවංශ හිමිපාණන්,නවදිල්ලි බෞද්ධ වන්දනා නිකේතනයේ පරිපාලන ලේ කම් පල්ලේගම විජිත හිමි ඇතුළු මහා සංඝරත්නය ද අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරසේකර මැතිතුමා, ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ශුන්‍යතා බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ අධිපතිනි තේජාල් චුදාසමා මැතිනිය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments