25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නොත් ආණ්ඩු විරෝදී මහා ජන රැල්ලක් ඇතිවෙයි

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නොත් ආණ්ඩු විරෝදී මහා ජන රැල්ලක් ඇතිවෙයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ‘අදානි’ සමාගමට ලබා දුනහොත් ආණ්ඩු විරෝධී මහ ජන රැල්ලක් ඇතිවෙතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

එවන් තත්වයට ඉඩ නොතබන්නයැ රජයෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

ඉන්දීය අදානි සමාගම මේ වන විට කොළඹ සිට කිලෝමීටර 200ක් දුරකින් ඉන්දියාවේ තවත් වරායක් ගොඩනගමින් සිටින බව ද උන්වහන්සේ කියා සිටිති.

එම සමාගම එවන් තත්ත්වයකදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාගෙන ඊට යහපත් ලෙස කටයුතු කරනු ඇතැයි සිතන්නේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments