මුතුරාජවෙල අභය භූමිය සිදුකරන්නට යන මහා පරිසර විනාශය නතර කරන්නට වහාම මැදිහත්ව කටයතු කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉතා ඕනෑ කමෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ පසුගිය දා කොළඹ 08 බිෂාප්පැලස් හී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එය ‘හුස්ම දෙන හරිත පෙනහැල්ල මුතුරාජවෙල සුරකිමු‘ යන නමින් නම් කොට තිබිණි එහිදි වැඩිදුරටත් කතා කළ අගරදගුරු තුමා මෙසේද කීහ........... මේ ඉඩකමට අත තියන්න කාටවත් ඉඩතබන්න එපා. මෙහි දමා තිබු නාම පුවරු එකපාරටම වෙනස් වුණේ කොහොමද අපිට ළඟදී සිට මතුවෙන ගැටලුවක් තමයි බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට වගේම කොළඹ ජනතාවටත් වැදගත් මුතුරාජවෙල කියන තෙත් භූමියේ එහි මහා පරිමාණයේ සංචාරකයින් වෙනුවෙන් සිදුකරන වැඩපිළිවෙලක් සිදුකරනවා කියමින් රජය සතු මෙම අභය භූමිය එක්තරා සමාගමක් අතට අරගෙන බහුකාර්ය වැඩපිළිවෙලක් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහි මුලින්ම 1991දී මහා කොළඹ ආර්ථික කොමිසම විසින් නිකුත් කරලා තිබෙන මුතුරාජවෙල සහ මීගමු කලපුව ආශ්‍රීත පරිසර වාර්තාව මට ලැබුණේ කඳාන ජයසුරිය වේල්ල එනම් පුබුදුගම ප්‍රදේශයේ පැවැති දෙව් මැදුරක ගොඩනැඟිල්ල සකස් කිරීමට මා කොළඹ සහයක රදගුරුතමන් ලෙස මදිහත්වු අවස්ථාවේදීය. එහිදි අදාල නිලධාරින් සහ පොලිසියද පැමිණ එම කටයුත්ත නතර කරන ලෙස අපට දැනුම් දුන් අකාරය සිහිපත් වෙනවා. එදා ප්‍රේමදාස ජනාධිපතිගේ කාලයේ මුතුරාජවෙල දකුණ ප්‍රදේශය පිහිටි හැඳල නගරය නුදුරු අක්කර 400ක පමණ භූමි භාගයක් මනුෂ්‍ය භාවිතය මුහුදුවැලි පුරවා ගොඩකර සංවර්ධනය කිරීමට සූදානම්ව තිබුණා. ඒ අවස්ථාවේදී අපි ඊට විරුද්ධ වුණා. නමුත් ඒ රජය එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගියා. ඒ නිසා මුතුරාජවෙල රක්ෂිතයෙ භූමි ප්‍රමාණය සෑහෙන දුරට අඩුවුණා. මෙය සිදුවීමට පෙරද විවිධ දේශපාලඥයන්ගේ ක්‍රියාකාරිත්වය තුල ප්‍රදේශය පුරාම වගුරුබිම ගොඩකරමින් ජනාවාස බිහිකිරීම සිදුවුණා. 1996 ඔක්තොම්බර් 31 පල කරන ලද අංක 947/13 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් විශේෂඥයන්ගේ මතය අනුව මීගමුව කලපුවට දකුණින් පිහිටි පැරැණි ඕලන්ද ඇල සහ හැමිල්ටන් ඇල අතර වන ඉතිරි ප්‍රදේශය සංර්කෂන කලාපයක් ලෙස පිළිගන්නට යෙදුණි. එය වනජීවි ආරක්ෂිත කලාපයක් ලෙස හඳුන්වනු ලැබු අභය භූමියක් ලෙස බවට ප්‍රකාශ කළේය. ඒ අනුව එම ප්‍රදේශයේ සත්ව සහ අනෙකුත් ශාක ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ කලාපයක් නිර්මාණය කළ බව පැහැදිලියි. ඒ පිළිබඳ සංඥා පුවරුද ප්‍රදේශයේ පුරාම සවිකර කෙරුණා. මෙහිදි කෙරවලපිටිය ප්‍රදේශයේ මුහුදුවැලිවලින් පිරවු ප්‍රදේශය හැර මීගමු කලපුව දක්වා වු ඉතිරි ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් ලෙස රජය නිලවශයෙන් පිළිගත්තා. එමෙන්ම මේ තීරණය එවකට මහ කොළඹ ආර්ථික කොමිසම මගින් 1991 මාර්තු මස පළා කරන ලද (එන්වයර්මන්ටල් ප්‍රොෆයිල් ඔෆ් මුතුරාජවෙල ඇන්ඩ් නිගම්බු ලැගූන්) වාර්තාව මගින් සනාථ කළා. එහෙත් කිසිදු විද්‍යාත්මක ගවේෂණයක් හෝ පාරිසරික බලපෑම් පිළිබඳ ක්‍රමවත් අධ්‍යනයක් නොමැතිව කිසිම පෙර දැනුම් දීමකින් තොරව 2006 ඔක්තොම්බර් මාසයේදී නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එවකට සිටි පරිසර ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංරක්ෂිත භූමි භාගය ඇතැම් කරුණු සඳහා භාවිතා කළ හැකි බවට ප්‍රකාශ කළා. එම දැනුම් දීම තුල ගොල්ෆ් ක්‍රීඩවට අවශ්‍ය භූමි,හෝටල්, ආපනශාලා, රැස්වීම් ශාලා, උද්‍යාන, අධ්‍යාපන මධ්‍යස්ථාන, සංචාරක නිකේතන ආදි වශයෙන් සංවර්ධනය කරන්නට හැකි බව ප්‍රකාශයට පත් කළා. ඒ සඳහා පරිසර හිතකාමි වචන සූක්ෂම ලෙස යොදා ගත්තද ඇත්තෙන්ම මෙම ගැසට් පත්‍රය මුතුරාජවෙල ආර්ථික සංවර්ධනය කලාපයක් බවට පත් කර විනාශ කිරීමට ඉඩකඩ සලසාදී තිබුණා. මේ මගින්ද එදා සංරක්ෂණය විය යුතු ප්‍රදේශ විනාශ කිරීමට පළමුවෙනි අඩිතාලම සැකසුවේ එම රජයයි. කෙසේ වෙතත් මෑතක් වනතුරු මෙම මුළු ප්‍රදේශයම රජයේ සංරක්ෂිත ජෛව හිතෛෂි ප්‍රදේශයක් ලෙස කව්රුත් පිළිගෙන තිබුණා. ආරක්ෂා වෙලාද තිබුණා. එය රජය සතු භූඹියක් මිස පෞද්ගලික අයට අයත්වන භූමියක් නොවන බව මේ ප්‍රදේශයේ ජීවත්වන සියලු දෙනාගේ අදහස වූහ. පෞද්ගලික ඔප්පු තිබුණ් නම් ඒවා බොහෝමයක් බලහත්කාරයෙන් අල්ලා ගත් රජයේ ඉඩම්වලට පසුව සකස් කළ ඔප්පු බව පැහැදිලියි. මෙම ළඟදි දිනයක වනජීවි කලාපය දැනුම් දෙන නාම පුවරු ඉවත් කර ‘පෞද්ගලික සමාගමක් සතු දේපළක්‘ යනුවෙන් සඳහන් කරන නාම පුවරු ප්‍රදේශය පුරාම සවිකර තිබෙනවා. මේ ක්‍රියාව වන සංරක්ෂණයේ ඉඩම් සතු යමකු හොර රහසේ කොල්ලකෑමක් බව පැහැදිලියි. මේඉඩම් කොල්ලය කොයි ආකාරයෙන් සිදුවූවක්දැයි අපට තේරුම් ගත නොහැකියි. මෙම පෞද්ගලික සමාගමට අක්කර හත්අටසීයක් පමණ විශාල මෙම සංරක්ෂිත කලාපය පවරන්නට කටයුතු කළේ කව්රුන්ද දැයි අපිට ප්‍රහේලීකාවකී. මෙය රජයේ දේපළක් මෙන්ම මහජනතාවගේ දේපළකී. එය කිසිවෙකුගේ පෞද්ගලික දේපළක් නොවේ. මෙහිදි ගම්පහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ගෙන ගිය වැඩපිළිවෙල අපි හෙලා දකිනවා. ගොවිජනසේවා දෙපාර්තමේන්තුව ඇත්තේ ධන කුවේරයන් පෝෂණය කරන්නට නොව ගොවීජනතාවගේ අවශ්‍යතා සොයා බලන්නටයි. මේ ප්‍රදේශය තුල යම් යම් සංවර්ධන කටයුතු කිරීමට සහ එම ප්‍රදේශය තුල සංචාරක ව්‍යාපාරය සඳහා විවිධ ආකාරයේ අදාල ගොඩනැඟිලි,සහ වැඩසටහන්ද ගොල්ෆ්පිටි ආදියද සැලසුම් කළ මෙම සමාගම තමන් සිදුකිරීමට පරිසරයට හිතකාමි මුවාවෙන් ජනතාව රැවටීම සඳහා තමන් සිදුකිරීමට යන වැඩසටහන් සඳහන්වන පොතක් බෙදාහැර තිබෙනවා. එම සැලසුම් ක්‍රියාත්මක වුවහොත් මෙම මුළු ප්‍ර දේශයේම අනන්‍යතාවයට සහ පැවැත්මට විශාල තර්ජනයක් වන බව මගේ හැඟීමයි. එලෙසම අපගේ දෙව්මැදුරු සහ මෙහි ජීවත්වන ජනතාවගේ ජන ජීවිතයඅවුල් වීමටද ඉඩකඩ තිබෙනවා. මෙයින් වන බරපතලම හානියවනුයේ මුතුරාජවෙලට ආවේණික ස්වභාවික පරිසර පද්ධතියද විනාශ වීමයි. එලෙසම මීගමු කලපුවේ මත්ස්‍ය ජනනයට බාධා ඇතිවීමෙන් දහස් ගණනින් මේ ප්‍රදේශය තුල ධීවර රැකියාවේ යෙදෙන්නන්ගේ පැවැත්මට විශාල තර්ජනයක්ද එල්ලවේ. සියල්ලටම වඩා ගම්පහ දිස්ත්‍රික්කයේ වැසිජලය කැලණි ගඟ , දඬුගංඔය , ජාඇල ඇල දොලවල් හරහා පෙනේරයක සිදුවන ක්‍රියාදාමයක් මෙන් බේරි ගොස් කලපු හරහා මුහුදට යන ස්වභාවික පද්ධතියද විනාශවීමයි. එමෙන්ම මේ නිසා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වුවහොත් මහා ගංවතුර තර්ජනය මෙම ප්‍රදේශයට පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට බලපාන බව කිව යුතුයි. එබැවින් මේ සියල්ල සළකා බැලීමේදි මෙම ව්‍යාපෘතිය නීති විරෝධිව රහසිගතව ඉදිරිපත් කර මෙම භූමිභාගය විවිධ උපක්‍රම වලින් අල්ලාගන්නට යන මෙම කුමන්ත්‍රණය අපි පරජය කළ යුතුයි. ඒ නිසා අදාළ රජයේ ආයතන සියල්ලටම අප දැනුම් දෙන්නේ ප්‍රදේශයේ ජනතාව මේ සියල්ල පිළිබඳ අවදිව සිටින බවත්මෙම ව්‍යාපෘති වහාම නවත්වන්නට කටයුතු කළ යුතුයි. ඉවත් කරන ලද සංරක්ෂණ කලාපය පෙන්නුම් කරන නාම පුවරු නැවත ස්ථාපිත කළ යුතු වෙනවා. මෙම ප්‍ර දේශය තුල ජනතාවගේ කැමැත්තට විරුද්ධව ව්‍යාපෘති සිදුකිරීම වහාම නතර කළ යුතුයි. එසේ නොකළහොත් මෙම වංක ක්‍රියාමාර්ගයට එරෙහිව ජනතාවගේ විරෝධය නැංවීමේ විවිධ ව්‍යාපෘති වලට යොමුවන්නට අපිට සිදුවෙනවා. අපා අදාළ බලධාරින්ගෙන් සහ රජයේ නිලධාරින්ගෙන් ද රටේ දේශපාලන නායකත්වයෙන්ද ඉල්ලා සිටින්නේ මෙම මහා පරිසර විනාශය නතර කරන්නට වහාම පියවර ගන්නා ලෙසය මෙම ප්‍රදේශයේ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් අප පෙනි සිටිනවා.විදේශවල පිටරැටියන් ගෙනැල්ලා සංචාරකයින් කියලා පුරවන්න නොවේ මේවා තියෙන්නේ ඒවා පටු දේවල්.ඊට කලින් මේ පරිසරය අපේ ජනතාවට ලබාදීය යුතුයි.මේ රට ජනතාව තාවකාලිකව ආණ්ඩුවකට භාරදීලා තියෙනවා. ආරක්ෂාවට ඒ නිසා ඒවා විකුණන්න,බදුදෙන්න බැහැ. දේශපාලන නායකයෝ, ධනවත් ව්‍යාපාරිකයින් තම තමන්ගේ දේවල් විකුණාගත්තාට , බදුදුන්නා කමක් නැහැ. මේ ජනතාව සතු දේවල් සූක්ෂම ආකාරයට සූරා කන්න එන්න එපා. ආණ්ඩුව මේවා ගැන දැඩිව අවධානය යොමු කළ යුතුයි. මැල්වත්ත පොපටි ඩිවලොප්මන්ට් නමින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය නම් කර තිබෙන බව මෙහිදි කියැවිණි. මෙහිදි පාහියංගල ආනන්ද සාගර හිමියෝ, පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, මුතුරාජවෙල සුරකිමු සංවිධානයේ සාමාජික දිනූෂ නානායක්කාර යන අයද එම ප්‍රදේශවල මීසම්භාර පියතුමන්ලාද අදහස් දැක්වූහ.
මුතුරාජවෙල විනාශය නතර කරන්න මැදිහත් වන්න – අගරදගුරුතුමන් ආණ්ඩුවෙන් ඉල්ලයි
RELATED ARTICLES