26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කෑගල්ලේ හා ගම්පහ සහල් පිළිබඳ වැටලීම්, කුරුණෑගල සැඟවු ස්ථානය රුපියල් ලක්ෂ...

කෑගල්ලේ හා ගම්පහ සහල් පිළිබඳ වැටලීම්, කුරුණෑගල සැඟවු ස්ථානය රුපියල් ලක්ෂ තුනක සහල් රාජසන්තකයි-පාරිභෝගික අධිකාරිය

කෑගල්ලේ හා ගම්පහ සහල් පිළීබඳ සෙවීම සඳහා වැටලීම් සිදුකළ අතර කුරුණෑගල සහල් සඟවා වැඩිමිලට අලෙවි කිරීමට කටයුතු කළ වෙළෙන්දෙකුගේ රුපියල් ලක්ෂ තුනක සහල් රාජසන්තකවිය‍

වැඩි මිලට සහල් අලෙවිකරණ සහ සහල් වෙළදසැලේ තිබියදී නොමැති බව ප්‍රකාශකරන මෙන්ම මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා ඊයේ (22) දින පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ කණ්ඩායම් යොදවා වැටලීම් සිදුකරනු ලැබුවා . එහිදී වැරදි සිදුකරන ලද වෙළදුන් 39 ක් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට නිලධාරීන් සමත්වී ඇති අතර, වැඩි මිලට සහල් අලෙවිකළ කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගම් දෙකක්ද නිලධාරීන් විසින් වටලනු ලැබීය.

මෙම වැටලීම්වලට , වැඩි මිලට සහල් අලෙවිකළ වෙළදුන් 16 ක්, භාණ්ඩ සන්තකයේ තිබියදී නොමැති බව ප්‍රකාශකළ වෙළදුන් 10 ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ වෙළදුන් 10 ක් ද වන අතර අදාල වැටලීම් කෑගල්ල, වරකාපොල, ගලිගමුව , සීදුව, මීගමුව , කොටුගොඩ, ගොඩිගමුව , කොටදෙනියාව, කැලණිය , වේයන්ගොඩ, මීරිගම , පස්යාල , වේවැල්දෙනිය ,කඩවත ,කිරිබත්ගොඩ , දෙල්ගොඩ , කොච්චිකඩේ සහ අවට ප්‍රදේශවල ක්‍රියාත්මක විය.

සහල් වැඩි මිලට අලෙවිකළ වෙළදුන් අතර කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 270.00 සිට 310.00 දක්වා වැඩි මිලට අලෙවිකළ වෙළදුන් මෙන්ම අනෙකුත් සහල්ද මෙම අදාල වෙළදුන් විසින් වැඩි මිලට අලෙවිකර තිබු අතර සාමාන්‍ය ව්‍යාපාරයක් එවැනි වරදකට වරදකරු වුවහොත් අධිකරණයට නියමකල හැකි අවම දඩය රුපියල් ලක්ෂයක් වන අතර පුද්ගලික සමාගමක අවම දඩය රුපියල් ලක්ෂ 5 කි.

එමන්ම භාණ්ඩ සන්තකය් තිබියදී නොමැති බව ප්‍රකාශකරන ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ නිලධාරීන් භාරයට ගනු ලබන අතර එහිදී නඩු පැවරීමෙන් පසුව අදාල ව්‍යාපාරිකයා අධිකරණයේදී වරදකරු වුවහොත් දඩ මුදලක් මෙන්ම අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටටද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ ගරු අධිකරණයට හැකිය.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලට අනුයුක්ත විමර්ශන නිලධාරීන්ට අමතරව ඔවුන්ගේ සහයට අතිරේක විශේෂ වැටලීම් කණ්ඩායම්ද යෙදවීම තවදුරටත් අඛණ්ඩව සිදුකරනු ලබන අතර සති අන්ත සහ නිවාඩු දිනවල මෙන්ම රාත්‍රී කාලයේද වැටලීම් සිදුකර සහල් වැඩි මිලට අලෙවිකරණ සහ සගවාතබන වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරීන් විසින් වැඩිමිලට සහල් අලෙවි කරන වෙලදුන් සොයා සිදු කරනු ලබන වැටලිමි වැඩසටහන යටතේ පසුගිය 18 දින කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ සිදු කරනු ලැබූ වැටලීමකදී වෙළඳසැලේ සහල් විකිනිමට තිබියදී සහල් නොමැති බව ප්‍රකාශ කළ ව්‍යාපාරිකයකුට එරෙහිව නීතිමය පියවර ගනු ලැබුවා.

ඒ අනුව අද ( 21 ) දින අදාළ ව්‍යාපාරිකට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබූ අතර එහිදී අදාළ ව්‍යාපාරිකයා වරද පිළිගැනීමෙන් පසුව
රුපියල් ලක්ෂ තුනකට වැඩි වෙළඳපළ වටිනාකමක් සහිත එම කිරී සම්බා සහල් අසුරන 237 ක ප්‍රමාණය රාජසන්තකිරීමටත් අදාල ව්‍යාපාරිකයාට රුපියල් දස දහසක දඩ මුදලක් නියම කිරීමටත් ගරැ අධිකරණය කටයුතු කරනු ලැබුවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments