23.6 C
Sri Lanka
Wednesday, July 30, 2025
HomeTOPජාතික අවම වැටුප වැඩිවීම පිළිබඳ දැනුම්දීම...

ජාතික අවම වැටුප වැඩිවීම පිළිබඳ දැනුම්දීම…

පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් වන පනත් තුන (22) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 181 ක් ලැබුණු අතර විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබිණි.

පෞද්ගලික අංශයට දැනට ගෙවනු ලබන ජාතික අවම මාසික වැටුප වන රුපියල් 21,000 මෙතෙක් ගෙවනු ලැබූයේ,  2024 අංක 48 දරන ජාතික අවම වේතන (සංශෝධන) පනත අනුව ගෙවනු ලබන රුපියල් 17,500 ද, 2005 අංක 36 දරන අය වැය සහන දීමනා පනත යටතේ ගෙවනු ලබන රුපියල් 1,000 ක අයවැය සහන දීමනාව ද, 2016 අංක 4 දරන අය වැය සහන දීමනා පනත යටතේ ගෙවනු ලබන රුපියල් 2,500  ක අය වැය සහන දීමනාව ද යන තුනෙහි එකතුවක් ලෙස ය. මේ අනුව, මෙතෙක් මසකට රුපියල්  21,000 ක්ව පැවැති පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප, මෙම පනත් සම්මතය අනුව මේ වසරේ අප්‍රේල් මස 01 වැනිදා සිට මසකට රුපියල් 27,000 දක්වා වැඩි කිරීමටත්, ජාතික අවම දෛනික වැටුප ද එදින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 700 සිට 1,080 දක්වා වැඩි කිරීමටත් පෞද්ගලික අංශය කටයුතු කළ යුතුව ඇත.  මෙම ජාතික අවම වැටුප ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30,000 දක්වාත් දෛනික වැටුප ද එදින සිට රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වාත් වැඩි කිරීමටත් වැඩි කිරීමට නියමිතය.

අය වැය සහන දීමනාවන් මින් පසු මූලික වැටුපට/වේතනයට එකතු වන අතර එම මූලික වැටුප වැඩිවීම මගින් සේවකයන්ට මූලික වැටුපට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ ද වැඩිවිය හැකිය. මෙම පනත ක්‍රියාත්මක වන දිනය තෙක් ජාතික අවම වේතනයට වඩා වැඩි වැටුපක්,මූලික වැටුප හෝ වේතනය ලෙස ලබමින් සිටි සේවකයින් සම්බන්ධයෙන් එකී අය වැය සහන දීමනාවන් අදාල මූලික වැටුපට හෝ වේතනයට වැටුපේ කොටසක් ලෙස සළකා එකතු කර ගෙවීම කරනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments