ජනප්‍රිය රංගන ශිල්පිණියක වන මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසුවූවාය. අවසන් කාලයේ පිළිකා රෝගයෙන් පීඩා වින්දාය
ඇය වේදිකා නාට්‍ය 300 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර නාට්‍ය 10 ක් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කර ඇත.
1981 දී ඇය ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා වන සම්මානය නවසිය අනු නවය නාට්‍යය සඳහා දිනා ගත්තාය.
ඇය රූපවාහිනී නාට්‍ය 500 කට අධික සංඛ්‍යාවක රඟපා ඇත. ඉරට හඩන මල්, ඉර පායා, සන්නාලියනේ, නෑදෑයෝ, සිහින නිම්නය, සූර අසුර, දාමිනි ඒ අතර වේ. වැඩිම ටෙලි නාට්‍ය ගණනක රඟපෑ නිළිය ලෙසද ඇයට සම්මානයක් හිමි විය.