23.3 C
Sri Lanka
Friday, October 17, 2025
Homeදේශීය පුවත්රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී...

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී…

තුෂාර ප්‍රනාන්දු

රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය හා අධ්‍යාපන වෘත්තියේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි. මෙම සාකච්ඡාවට රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යයේ එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි සහ උපාධිධාරීන් එක්ව සිටියහ.

ඒ අනුව මෙම සාකච්ඡාවේ දී ගුරු විභාගයට අදාළව පත්වීම් ලබාදීම පිළිබඳව සාකච්ඡා කෙරුණි. පත්වීම් ලබාදීමට අදාලව නඩු කටයුතු 4ක් පැවති අතර මේ වන විට ඒ සියල්ල නිෂ්ප්‍රභා කර තිබේ. නමුත් එහි නඩු වාර්තාව තවමත් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර නොමැති බව මෙහිදී අනාවරණය විය. එමෙන්ම මීට අදාළව අභියාචනාධිකරණයේ ද නඩුවක් ගොනුකර ඇති බැවින්, මෝසමක් මගින් එම නඩුව ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවය ද පවතින බව මෙහිදී සාකච්ඡාවට ගැනුණි.

ඉන්පසු ලබා දී ඇති නඩු තීන්දුවට අනුව ගුරු පත්වීම් ලබාදිය හැකි බවත් මෙහි දී සාකච්ඡාවට ලක් විය.

ඉන්පසු සති දෙකක් තුළ ගුරු විභාගය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත්, මේ වන විටත් පළාත් මට්ටමේ ගුරු පුරප්පාඩු පිළිබඳව දත්ත ලබාගෙන ඇති බවත් මෙහි දී සාකච්ඡා විය.

එමෙන්ම 2021 න් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු කර නොමැති බැවින්, ඊට අදාළ වයස් සීමාව සංශෝධනය කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟතාවය පළ කර තිබේ. එමෙන්ම ගුරු විභාගය පැවැත්වීම දීප ව්‍යාප්ත මට්ටමින් සිදු කිරීමටත්, විභාගය සඳහා අයදුම් කිරීමේ දී තමන් පළාත් පාසල් හෝ ජාතික පාසල් ලෙස තෝරා ගැනීමට අවකාශය ලබා දී ඇති බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments