වතු කම්කරුවන්ගේ අවම වැටුප පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද(08) පඩිපාලක සභාව රැස්වේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීම සඳහා ඇමැති, හාම්පුතුන් හා වතු වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලදි සාමුහික ගිවිසුමකට හාම්පුතුන් හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර එකඟත්වයක් ඇති කර ගැනීමට නොහැකිවීම නිසා කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා මේ කාර්ය පඩිපාලක සභාවට පැවරීමට තීරණය කළේය. ඒ අනුව අද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේදී තේ හා රබර් සඳහා අවම වැටුප ලබාදීමේ පඩිපාලක සභාව රැස්වීමට නියමිතයි. මේ සභාවට හාම්පුතුන් හත්දෙනකු හා වෘත්තීය සමිති නියෝජිතයෝ හත්දෙනකුද සහභාගිවේ. වතු වෘත්තීය සමිති සියල්ලම වතුකම්කරුවන්ට දෛනිකව රුපියල් දහසක් ලබාදීමේ තීරණයේ සිටියි.
වතු කම්කරුවන්ගේ අවම වැටුප පිළිබඳ සාකච්ඡා කිරීමට පඩිපාලක සභාව රැස්වේ
RELATED ARTICLES