29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලාංකික හිමිකාරිත්වය ඇති කර්මාන්තශාලාවල සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය

ශ්‍රී ලාංකික හිමිකාරිත්වය ඇති කර්මාන්තශාලාවල සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය

ශ්‍රී ලාංකික හිමිකාරිත්වය ඇති ඉන්දියාවේ ස්ථාපිත කර්මාන්තශාලාවල සහ සේවා ස්ථානවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබා දීමට කටයුතු කරන බවද ඒ සඳහා ඉන්දියාව සමඟ සමඟ සමාජ ආරක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකා රජය  තීරණය කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ විවිධ ආයතන වල සේවය කරන ශ්‍රී ලාංකිකයන්  ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදල දායකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ.එසේම ලංකාවේ විවිධ ආයතන සේවය කරන ඉන්දියානුවන් මෙරට සේවක අර්ථසාධක අරමුදලෙ සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සාමාජිකත්වය ලබා ගැනීම ගැනීම ද අනිවාර්ය වේ.ශ්‍රී ලංකාවේ ආයතනවල සේවය කරන ඉන්දියානුවන් සිය සේවය අවසන් කර ඉංදියාවට යන අවස්ථාවේ ගෙවූ දායක මුදල් සහ ඊට අදාල පොලිය ඔවුන්ට ලබාදීම සිදු කෙරෙන නමුත්,ඉන්දියාවේ ආයතනවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉංදීය සමාජ ආරක්ෂණ  අරමුදලට  බැර වන දායක මුදල් එරට පවත්නා නීතියට අනුව  ලබාගත හැකි වන්නේ ඔවුන්ට වයස අවුරුදු 58 සම්පූර්ණ වූ පසුවය.ඒ අනුව ඉන්දියාවේ සේවය නියුතුව මව්බිමට පැමිණෙන  ශ්‍රී ලාංකිකයන් පසුකලෙක එම මුදල් ලබා ගැනීමට යාමේදී  බරපතළ ප්‍රායෝගික අපහසුතාවයන්ට මුහුණ දෙන බව ලැබී ඇති පැමිණිලි සලකා බලා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

අත්සන් තැබීමට නියමිත මෙම ගිවිසුමට අනුව ඉන්දියාවේ ආයතන වල සේවය⁣ට ශ්‍රී ලාංකිකයන් ඉන් පසු එරපසු එරට සමාජ ආරක්ෂණ අරමුදලට දායක මුදල් ගෙවීම අවශ්‍ය නොවේ.එසේම ශ්‍රී ලංකාවේ විවිධ ආයතන වල සේවය කරන ඉන්දියානුවන් මෙන්න ඉදිරියට මෙරට සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්ත භාර අරමුදලේ ලියාපදිංචි ම වීම අවශ්‍ය නොවේ.ඔවුන්ගේ දායක මුදල් සෘජුවම ඉන්දියාවේ සමාජ ආරක්ෂණ  අරමුදලට බැර කෙරේ.දැනට ඉන්දියානු ජාතිකයන් විදේශ රටකදී සේවය කරන විට ඉන්දියාවේ සමාජ ආරක්ෂණ අරමුදලේ  දායකත්වය ලබා ගැනීමෙන්  නිදහස් කර ඇතැයි ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.
මෙම ගිවිසුම අත්සන් කිරීමත් තුළින් ඉන්දියාවේ විවිධ ආයතනවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් දස දහසකට ආසන්න සංඛ්‍යාවකට සහනයක් සලසනු ඇතැයි පැවසේ.

ඒ අනුව  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමාජ ආරක්ෂණ ගිවිසුමක් අත්සන් කිරීමට හැකි වන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට අදාළ මූලික කෙටුම් පත් කටයුතු කරගෙන යන බවත් එම කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවත්  අමාත්‍යවරයා පවසයි.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments