ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඬල පනත ප්‍රතිසංස්කරණය කොට විනිශ්චය ආයතනයක් බවට පත් කිරීම ගැන හෙළා දකින බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(08) එමපක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ලේකම්වරයා මෙසේද කීය......... සති අන්ත පුවත්පත්වල දැන්වීමක් පළ කර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ වගකීමෙන් එහි තිබෙන්නේ 1973 අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඬල පනත මගින් පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඬලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කරලා එම ආයතනය මාධ්‍ය වේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරන්න යනවා කියලා දැන් මහජන අදහස් විමසලා තියෙනවා. ඒ ගැන කියන්න තිබෙන එක හරි පැහැදිලියි ඒකත් කොමිෂන් එක වගේම තමයි දැන්මේ කරන්න යන්නේ කලින් පුවත්පත් මණ්ඬල පනතින් පුවත්පත් ආයතනය තිබුණා. ඒක විසින් මාධ්‍ය පිළිබඳ යම් නියාමනයක් කෙරුණා. එය මර්දන කාරි ලෙස පවා කටයුතු කළා. මේක එතැනිනුත් එහාට ගිහිල්ලා විනිශ්චය ආයතනයක් ලෙස කටයුතු කරනවා කියන්නේ මාධ්‍ය වේදීන් මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය සභාවක් ලෙස වැඩකරනවා කියන්නේ අධිකරණය සහිත ආයතනයක් තමයි හදන්න යන්නේ. තොරතුරු හෙළදරව් කරන මාධ්‍ය වේදීන් හා ආණ්ඩුව දරණ අදහසට වැඩිය වෙනස් අදහස් දරණ මාධ්‍ය ආයතනවලින් පළිගැනීම සඳහා අධිකරණ බලය සහිත ආයතනයක් තමයි හදන්න යන්නේ. දැනට මාධ්‍ය වේදීයෙක් වැරැදි තොරතුරක් ප්‍රචාරය කොට කටයුතු කළොත් සාමන්‍ය නීතියක් තිබෙනවා. ඉන් අධිකරණයට යන්න පුළුවන්. දැනටත් මාධ්‍යයකින් කාට හරි අගතියක් වුණොත් වන්දියක් ඉල්ලා අධිකරණයට යන්න පුළුවන්. ඒ අවස්ථාව විවරව තිබෙද්දි වෙනම බලය සහිත විනිශ්චය ආයතනයක් හදන්නේ ඇයි. ඒ විනිශ්චය ආයතන විනිශ්චය කරන්නේ කව්ද. කව්ද විනිශ්චය මණ්ඬලයේ සිටින්නේ. ඒ අයව පත් කරන්නේ කව්ද ඒ පත් කරන දේශපාලන අධිකාරියයි පත් කරන විනිශ්චය මණ්ඬලයයි ඒහි ඉදිරිපට විනිශ්චයට භාජනය වන මාධ්‍ය වේදීනුයි ඒ අතර සම්බන්ධය කොහොම වෙයිද අයුක්තියක් වෙයිද ඒ නිසා බරපතල ප්‍රශ්නයක් මෙම පුවත්පත් දැන්වීමෙන් සිදුවෙලා තියෙනවා. මෙ ජනතාවගෙන් අදහස් විමසීම බොරුවක්. මේ පුවත්පත ඵල කළ අයම මහජන අදහස් ලෙස අදහස් යවන්න පුළුවන් මාධ්‍ය වේදීන්ව දඬුකඳෙ ගහන. මේක අපි හෙළා දකිනවා. මාධ්‍යවල හැසිරීම් ගැන අපිට විවේචන තිබෙනවා. ඒවායේ දේශපාලන හැසිරීම්, ඒවායේ පක්ෂපාති බව, ප්‍රාග්ධන වුවමනාවන් ඒවා විසින් සමාජයට කරන හානිය පිළිබඳ විවේචන තිබෙනවා. නමුත් මර්දන හස්තයකින් පාලනය කරනවාට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි හිතන්නේ සමාජය බල ගන්වලා සමාජය ඇතුළේ ඒවාට විරෝධය හදලා සමාජයමය කරුණු ඇතුළේ මාධ්‍යවල තිබෙන මොනවා හරි අගතියක් සමග හැප්පෙනවා මිසක් මේ විදියට දඬු කඳේ ගහන ඒවාට අපිට එකඟ වෙන්න බැහැ.
ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඬල පනත් ප්‍රතිසංස්කරණය හෙලා දකිනවා – පුබුදු ජාගොඩ
RELATED ARTICLES