පෞද්ගලික බස් වර්ජනය සතියකට කල් දමන්නත් පළාත් සභාවෙන් මතුවි තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද(09) ලිඛිත ඉල්ලීමක් කරන්න්නත් තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ සිදුකළ විමසුමකදී අදහස් දැක්වු ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඊයේ (08) රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග සිදුකළ සාකච්ඡාව සාර්ථකව සිදුවුණා. එහෙත් වර්ජනය කිරීමේ තීරණය සතියකට කල් දමන්න සියලු බස් රථ සංගම් තීරණය කෙරුණු අතර පළාත් සභාවලින් මතුවි තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සකච්ඡාවක් ඉල්ලා ලිපියක් ඒ මහතා ට යැවීමටද බස්රථ හිමියන්ගේ සංගම් තීරණය කළා. පළාත් සභා මගින් බස් ටික ධාවනය කරන්න නිසි කළමනා කරණයක් කළේ නැහැ. ඒ අය රජයේ වැටුප් ගන්නවා පමණයි. අපිට වර්ජනය කිරීම ගැටලුවක් නැහැ නමුත් තවදුරටක් මගිජනතාවත් හා බස්කර්මාන්තයත් රැකගන්න හැකි උපරිම කැපවීමෙන් ක්‍රියා කරන්න කටයුතු කරනවා.
පෞද්ගලික බස්හිමියන් ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
RELATED ARTICLES