29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කුරුණෑගල හා මොණරාගල රෝහල් වලින් කොරෝනා වාර්තා වෙයි

කුරුණෑගල හා මොණරාගල රෝහල් වලින් කොරෝනා වාර්තා වෙයි

මොණරාගල ප්‍රදේශයට පැමිණ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී හෙළිවී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

මොණරාගල දී කොරෝනා වෛරසය ආසාදනය වූ සේවිකාව මෑත දිනෙක නිවාඩු ලබා පැමිණි එම සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවට හෙළිවී ඇති බවයි සෞඛ්‍ය බළධාරීන් සඳහන් කළේ.

මේ අතර මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයින් දෙදෙනෙකුට කුරුණෑගල රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් බලධාරීන් තහවුරු කර සිටියා. එම ආසාදිත පුද්ගලයින් දෙදෙනා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවයි වැඩිදුරටත් රෝහල් බලධාරීන් සඳහන් කර සිටියේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments