29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දිවුලපිටියේ පාසල් ළමුන් 1500ක් නිරෝධායනයට

දිවුලපිටියේ පාසල් ළමුන් 1500ක් නිරෝධායනයට

කෙරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 1500කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

ඊයේ (04) දින රාත්‍රීය වන තෙක් එම දරුවන්ගේ නිරෝධායන කටයුතුවල මහජන පරීක්ෂකවරු නිරත වු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

විශේෂයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් එම දැනුවත් කිරීමේ කටයුතු සිදුකළ බවත් පැවසු ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, “ විදුහල්පතිවරයා විසින් සියලු දරුවන්ගේ පෞද්ගලික ලිපිනයන් ලබා දීලා තියෙනවා. අද දිනයේ දී අනෙකුත් සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල වෙත මේ තොරතුරු යවන්න කටයුතු කරනවා, දිවුලපිටිය ප්‍රදේශයට පිටින් එන දරුවන් නිරෝධායනය සඳහා. අද දිනයේ දී ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් ලෙස කටයුතු කළ සියලු දෙනාගේ පීසීආර් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා. ප්‍රධාන ගැටලුවක් ව පවතිනවා තව දුරටත් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයින් අතර නිවෙස්වලට ගිය කිහිප දෙනෙක් සිටිනවා. ඒ නිසා දිවයින පුරා සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන ඔවුන් සොයා ගෙන නිරෝධායන කටයුතු වෙත ඔවුන් යොමු කරමින් සිටිනවා.“ යනුවෙනි.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ දියණියට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments