හම්බන්තොට යෝජිත අලි කළමණාකරන රක්ෂිතය නම් කරමින් නිකුත් කරන ලද 2222/62 අති විශේෂ ගැසට් පත‍්‍රය මුද්‍රණය සඳහා බාර දුන් බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
එම ගැසට් පත‍්‍රය අද (12) මධ්‍යම රාත‍්‍රියට පෙර මුද්‍රණයෙන් පසු පිටවනු ඇතැයි ද ලේකම්වරයා කියයි.
හම්බන්තොට යෝජිත අලි කළමණාකරණ රක්ෂිතය 2011 දී සැළසුම් සකසා අවසන් කරන ලද්දේ හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධව ක‍්‍රියාත්මක වූ ගජමිතුරෝ වැඩසටහන මගිනි. ඒ අනුව 2012 වසර වන විට එම ව්‍යාපෘතියට සියලූ රාජ්‍ය ආයතවල අනුමැතිය ලැබී තිබිණි.
එම රක්ෂිතය ගැසට් කරන්නැයි ඉල්ලමින් හම්බන්තොට වල්සපුගල දී ගොවීන් ඇතුළු විවිධ ජන කණ්ඩායම් එක්ව ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය මේ වනවිටත් පැවැත්වෙමින් තිබේ.