සපුගස්කන්ද, රක්ගහවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100ක් සමග සැකකරුවන් පස්දෙනකු අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ක්‍රියා කොට ඇත.
ඒ ජා ඇළ ප්‍රදේශයේදී ඉකුත් (11) අලුයම අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙලිවු තොරතුරු අනුවයි.
මෙම වටලික එකිනෙකට සම්බන්ධ වැටලීම් දෙකකින් ලද තොරතුරු මත සිදුකළ එකක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
පෙරේදා දිනයේදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙක් සතුව තිබී අයිස් ග්‍රෑම් 100ක් සහ හෙරෝයින් ග්‍රෑම් 100ක් සොයා ගනු ලැබූ බවත් එම සැකකරුගෙන් ලද තොරතුරු මත ඊයේ දිනයේදී ජා-ඇල ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමකදී අයිස් කිලෝග්‍රෑම් 13ක් සමග සැකකාරියක් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
එම සැකකරුවන් ගෙන් ලද තොරතුරු අනුව සපුගස්කන්ද, රක්ගහවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සමග සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
මේ වන විට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට රැගෙන එමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.