23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දැහැමි සිතුවිලි ඇතිව චාරිත්‍ර වාරිත්‍ර සමග අවුරුදු සමරන්න. ජනපති

දැහැමි සිතුවිලි ඇතිව චාරිත්‍ර වාරිත්‍ර සමග අවුරුදු සමරන්න. ජනපති

සමස්ත ජනතාව කිසිදු භේදයකින් වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම සිය අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සදහන් කළේ අලුත් අවුරුදු සමයේදී දූ දරුවන්ගෙන් ඈත්ව රාජකාරියෙහි නිරත හා විදෙස්ගත සැම කරන කැප කිරීම් ද තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවයි. නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අප සංස්කෘතියේ අගනා සම්ප්‍රදායක්.

පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළද පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විදීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසා තිබෙනවා. 

එය අලුත් අවුරුදු උදාව දෙස මහත් උද්යෝගයෙන් බලා සිටින කුඩා දූ දදැවන්ගේ සේම සියලු රටවැසියන්ගේද අපේක්ෂා සැබෑවීමක් බවයි ජනාධිපතිවරයා සිය අලුත් අවුරුදු සුබපැතම් පණිවුඩයෙන් පෙන්වා දී ඇත්තේ. සංකීර්ණ සිතුවිලි සමග ජීවන අරගලයක නිරත වැඩිහිටියන්, ඔවුනොවුන් අතර නොහොඳ නෝක්කාඩු සමනය කර ගැනීම අවුරුදු සමයේ විශිෂ්ඨ ලක්ෂණයක්. උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍ය, මනා සෞඛ්‍ය සහ සතුට සපිරි සුබ අවුරුද්දක් වේවායි ජනාධිපතිපතිවරයා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය මගින් ප්‍රාර්ථනා කර තිබෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ජනතාව මත පැටවෙන පීඩාවන් ආණ්ඩුව මත තබා ගනිමින් රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්‍යමත් කිරීමේ වෑයමක නිරතව සිටින බවයි අග්‍රාමාත්‍යවරයා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයෙන් සිහිපත් කර ඇත්තේ. අලුත්වන සිතුම් පැතුම් සමග අප හමුවේ ඇති අභියෝගයන්ද සැලකිල්ලට ගනිමින් සෞභාග්‍යමත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමට කාලය එළැඹ තිබෙනවා. ඒ සදහා එකිනෙකා අතර බැදීම් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව ඉදිරියේ නව ජවයකින් නැගි සිටීමට මෙවර අලුත් අවුරුදු උදාවේ දී සියලු දෙනා අදිටන් කර ගත යුතු බවයි අග්‍රමාත්‍යවරයා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයෙන් දක්වා ඇත්තේ. 

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අන්‍යයන් පිළිබද සහකම්පනයෙන් සිතන නැවුම් මනුෂ්‍යයෙකු ලෙස මේ අලුත් අවුරුද්දේ රට වෙනුවෙන් එක්සිත් පෙරදැරිව එක්වන්නට සැමදෙනාට දිරි ලැබේවා යන්නයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද උදාවූ සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ වසරක් පුරා ලෝක වාසී සියලුදෙනා මුව ආවරණ පැළඳ ජීවත් වන අතර ඊට හේතුවූ වෛරසය පරාජය කිරීමට මෙතෙක් කිසිවෙකු සමත්ව නැති බවයි. 

මෙවන් තත්ත්වයක් තුළ මෙවර ද සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවී ඇති අතර මිනිස් සංහතියේ යහපත උදාකරන ශ්‍රී සුබ අළුත් අවුරුද්දක්ම වේවායි ප්‍රාර්ථනා කරන බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ අළුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments