සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්
සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මහතා මාධ්‍ය වෙත කියාසිටියේ එම පනතේ වෙනස් විය යුතු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් විසින් 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවයි.
වසර 108 ක් පැරණි සුරබදු ආඥාපනත වර්තමානයට ගැලපෙන ආකාරයට සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙසට එම කමිටුවට උපදෙස් ලබාදුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.