22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්හමුදා සෙබළුන් දෙදෙනා යටකරගෙන ගිය සැකකරුවන් සොයා මෙහෙයුම් ඇරඹේ.

හමුදා සෙබළුන් දෙදෙනා යටකරගෙන ගිය සැකකරුවන් සොයා මෙහෙයුම් ඇරඹේ.

වව්නියාව, ඕමන්තේ මුරපොළේ රාජකාරියේ නිරතව සිටි හමුදා සාමාජිකයින් දෙදෙනෙකු යට කර පළා ගිය සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ. තුවාල ලැබූ එම හමුදා සාමාජිකයින් දෙදෙනා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

ඊයේ පස්වරු 5.30ත් 6.00ත් අතර කාලයේදී ඕමන්තේ මුරපොළ අසළදී යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ කැබ් රථයක් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී ඔවුන් යට කර කැබ් රථය ධාවනය කර තිබේ.

අනතුරික් එක් හමුදා සාමාජිකයෙකුගේ දෙපා දැඩි ලෙස තුවාල වී ඇති අතර අනෙක් සාමාජිකයාගේ හිසට තුවාල සිදුව ඇතැයි හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments