27.3 C
Sri Lanka
Wednesday, August 13, 2025
Homeදේශීය පුවත්සෞඛ්‍ය ඇමැතිණිය ජනතාවගෙන් කරන ඉල්ලීම.

සෞඛ්‍ය ඇමැතිණිය ජනතාවගෙන් කරන ඉල්ලීම.

එළඹෙන දීර්ඝ සති අන්තයේ දී සූදානම් කර ඇති උත්සව පැවැත්වීම සහ විනෝද චාරිකා යෑමට සුදානම් වී ඇති නම්, පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ඒවා නවතා දමන ලෙස සෞඛ්‍ය ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

ඇය පැවසුවේ තරුණ ප්‍රජාවටද වර්තමානයේ කොවිඩ් අවදානම බලපා ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

“26 වනදා පෝය. අපි දන්නවා ආගමික උස්සව ගොඩාක් නොයෙකුත් පන්සල්වල තියන්න තීන්දු කරලා තියෙනවා. නොයෙකුත් අය තමන්ගේ වන්දනා ගමන්, පුද්ගලික විනෝද සංචාර සැලසුම් කරලා තියෙනවා. සමහරු අවුරුදු උත්සව සැලසුම් කරලා තියෙනවා. අපි ගෞරවයෙන් ඉල්ලනවා, අත්දෙක එක්කාසු කරලා වැඳලා ඉල්ලනවා, මෙවා අපි නවත්වමු. දින කිහිපයට පෙර තරුණ එක්කෙනෙක් මැරුණා. ඔහුට වෙන කිසිම ලෙඩක් නෑ. දියවැඩියාව ද කොලේස්ට්‍රොල් ද මුකුත් නෑ. හැබැයි කොවිඩ් රෝගය නිසා මිය ගියා. විශේෂඥ වෛද්‍යවරු කියන විදියට වර්තමාන ප්‍රභේදයේ දවස් 14ක් විතර ගිහිල්ලා තමයි බොහෝ අයගේ රෝග ලක්ෂණ මතු වෙන්නේ. එක මාරාන්තිකයි.” යනුවෙනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments