28.1 C
Sri Lanka
Sunday, May 11, 2025
Homeදේශීය පුවත්මගි ප්‍රවහන තුල සෞඛ්‍ය නීති දැඩිවේ උල්ලංඝනය කරන අය ගැන අදාල අංශ...

මගි ප්‍රවහන තුල සෞඛ්‍ය නීති දැඩිවේ උල්ලංඝනය කරන අය ගැන අදාල අංශ දැනුවත් කරන්න ජනතාවගෙන් ඉල්ලයි. රාජ්‍ය ඇමැති

රට තුළ කොරෝනා 3 වන රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බැවින් යළිත් මගී ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට ආසන ගණනට පමණක් බස් රථ මගීන් ප්‍රවාහනය කරන්නේ දැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

බස් රථ සේවකයින් සෞඛ්‍ය නීති උල්ලංඝණය කලහොත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කරන ලෙසද මෙහිදී මගීන්ගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර කුරුණෑගල, ගනේවත්ත දුම්රිය ස්ථානයේ අද සිට කිසිදු දුම්රියක් නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොරෝනා ව්‍යාප්තිය හමුවේ ගනේවත්ත අවට ගම්මාන 5 ක් හුදෙකලා කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments