21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රිෂාඩ් හා රියාජ් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.

රිෂාඩ් හා රියාජ් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් අවසර ලබා දී තිබෙනවා.

අමාත්‍ය සරත් වීරසේකර වැඩිදුරටත් සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් මීට අදාළ වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අද (24) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ නිවෙස්වල සිටියදියි.

ඒ අනුව පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්තේ පිහිටි සිය නිවසේදියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments