ඉබ්බාගමුව, පන්නල, ගමමැද පාරේ පිහිටි නිවසක ස්ථානයකදී ඊයේ (24) රාත්‍රී කාලයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබේ.
ඊයේ රාත්‍රී 7.30 ට පමණ එම පිපිරීම සිදුව තිබූ අතර ඉන් බරපතළ තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.
මෙලෙස තුවාල ලැබුවේ වයස අවුරුදු 22 සහ 27 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනෙකි.
රතිඤ්ඤා තොගයක තිබූ වෙඩි බෙහෙත් ඉවත් කර, ඒවා යකඩ බටයකට පුරවා විදුලි ග්‍රයින්ඩරයක් මගින් බටය කැපීමට යෑමේදී මෙම පිපිරීම සිදුවී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
පිපිරීමෙන් තරුණයින් දෙදෙනාගේ දෑත් සහ ඇඟිලිවලට බරපතළ හානි සිදුවී ඇත.
තුවාල ලැබූ තරුණයින් වෘත්තියෙන් ත්‍රීරෝද රථ අලුත්වැඩියා කරන්නන් වෙයි.
ඔවුන්ගේ වැඩපොළේ දී මෙම අත්හදාබැලීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.
පිපිරීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එහි කැඳවා තිබුණි.
මෙම පිපිරීම යම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධදැයි අනාවරණය කරගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.