25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කැස්බෑවේ සිටි මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයෙක් PCR සදහා යොමු කරයි

කැස්බෑවේ සිටි මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයෙක් PCR සදහා යොමු කරයි

කැස්බෑව විදුලිබල මණ්ඩල කාර්යාලයේ මුරකරුවෙකු ලෙස සේවය කල පුද්ගලයකු ඊයේ සවස PCR පරීක්ෂණය සදහා යොමුකර තිබේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවය කල ඔහුගේ දරුවෙකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පුද්ගලයා මෙම පරීක්ෂණය සදහා යොමු කර තිබේ.

මෙම පුද්ගලයා පසුගිය 01 වන දින සිය දරුවාගේ නිවස වෙත ගමන් කර තිබේ.

කෙසේ වෙතත් මේ වන තෙක් එම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාධනය තිබෙන බව වාර්තා වී නොමැත.

මෙම තත්වය හේතුවෙන් කැස්බෑව විදුලි බල මණ්ඩලය සමාන්‍ය රාජකාරි කටයුතු නවතා දමා තිබෙන අතර නඩත්තු කටයුතු පමණක් සිදු කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments