24 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeක්‍රීඩා පුවත්මංගල තරඟයේදීම ප්‍රවීන් වාර්තා තබමින් දක්ෂතා පෙන්නුම් කරයි.

මංගල තරඟයේදීම ප්‍රවීන් වාර්තා තබමින් දක්ෂතා පෙන්නුම් කරයි.

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අවසන් වන විට තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියා.  සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 493 ක් රැස් කරගෙන සිටියදී අද පෙරවරුවේ සිය පළමු ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 251 පමණයි. 

තමීම් ඉක්බාල් ලකුණු 92ක් රැස් කළා. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92කට බංගලාදේශ කණ්ඩායමේ කඩුලු 06ක් බිද දැමුවා. එය වාර්තා අතරට එක්වුණේ මංගල ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක්වූ හොදම පන්දු යෑවීම ලෙසයි. මීට පෙර 1999 වසරේදී සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කර උපුල් චන්දන පාකිස්ථානයට එරෙහිව ලකුණු 179කට කඩුලු 06ක් දවා ගනිමින් එම වාර්තාව හිමි කරගෙන සිටියා. 

අද දිනය නිමාවන විට සිය දෙවනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 17ක්. ඒ අනුව කඩලු 08ක් ඇතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකූණු 259ක් ඉදිිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments