කෝවිඩ් 19 තෙවන රැල්ල කෙටි කාලයක් තුළ ලංකාව පුරා ව්‍යාප්ත වූ අකාරය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නිකුත් කළ ප්‍රකාශයයි.
කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වෙමින් පවතින මේ මොහොතේ රටේ සියලු සංවර්ධන ක්‍රියාදාමයන් අත්හිටුවා, සියලු සම්පත් මහජන ජීවිත ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් යොදවන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටින බව එම පක්ෂයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (03) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා රජය නිසි වේලාවට නිවැරදි තීන්දු තීරණ නොගැනීම නිසා මේ වනවිට රටේ සමස්ත ජනතාව දැඩි අවධානමකට මුහුණ පා සිටින බවත් මෙම තත්ත්වය හමුවේ තවදුරටත් බලා නොසිට වැඩි මිලට හෝ එන්නත් මෙරටට ගෙන්වා ජන ජීවිත ආරක්ෂාකර ගැනීමට රජය පියවර ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.
රට මුහුණ පා ඇති කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව අද කොළඹදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා රට සතියකට හෝ දෙකකට ලොක්ඩවුන් කර ජන ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් විශේෂඥයින් දිගින් දිගටම ඉල්ලීම් කළත් රජය ඒ පිළිබඳව අවධාණය යොමු නොකිරීම නිසා දිනෙන් දින රට අවාසනාවන්ත තත්ත්වයකට තල්ලු වෙමින් පවතින බව පෙන්වා දුන්නේය.
කොරෝනා වසංගත තත්ත්වය ආරම්භ වූ මොහොතේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා PCR පරීක්ෂණ වැඩිකරන ලෙසත්, දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩිකරන ලෙසත්, ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය මෙවලම් සපයා ගැනීමට පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටි බව සිහිපත් කළ ඒ මහතා එදා එම ඉල්ලීම කෙරෙහි අවධාණය යොමු කළේ නම් අද වනවිට තත්ත්වය මෙතරම් බරපතල නොවීමට ඉඩ තිබූ බවත් පැවසීය.
වජිර අබේවර්ධන මහතා විසින් සිදුකරන ලද සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.
මෙම ව්‍යසනය ආරම්භ වූ මොහොතේ සිට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුලදීම සඳහන් කළේ පී.සී.ආර්. පරික්ෂණ සංඛ්‍යාව වැඩි කරන ලෙසත්, අයි.සී.යූ. ඇඳන් වැඩි කරන ලෙසත්, ඔක්සිජන් සහ අනිත් අත්‍යවශ්‍ය සෞඛ්‍ය මෙවලම් සපයා ගැනීම සඳහා පියවර තබන ලෙසත්ය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ප්‍රකාශ කළේ මේ සඳහා පෞද්ගලික අංශයට සම්පූර්ණ දායකත්වයකදී ඒ අය හරහා ලබා ගන්නා බදු මුදල් වලින් සාමාන්‍ය ජනයාටද මේ සේවා වැඩිපුර ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසය. රට වේලාවට පාලනය කරන රජය තම තීරණ නියමිත වේලාවට නොගැනීමෙන් සිදුවන්නේ බරපතල ඛේදවාදයකි. මෙවන් අවස්ථාවක වැදගත්ම කාරණය වන්නේ නිවැරදි තීරණ ගැනීමයි. නිවැරදි තීරණ ගැනීම සිදුනොවූ වකවානුව තුළ කෝවිඩ් 19 තුන්වන රැල්ලක්ද රට පුරා ව්‍යාප්ත වී ඇත. මේ තත්ත්වය ගැන රජය වග කිව යුතු වේ. කෙසේ වෙතත් මහජනතාව බරපතල ප්‍රශ්නයකට මුහුණ දී ඇති අවස්ථාවක් නිසා පහත සඳහන් කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමි.
- සිංහල හින්දු අලුත් අවුරුද්දට සීමා සහිත අවුරුදු උත්සව වලට අවසර දී ජනතාව තුළ තිබිය යුතු වගකීම් සහිත තත්ත්වයන් ගිලිහී යන පරිදි අතිශෝක්තියකින් කොරෝනා දෙවන රැල්ල මැඩ පැවැත්විම සම්බන්ධයෙන් රජය උද්දාමයට පත් වී ප්‍රකාශ නිකුත් කිරීම සහ වගකිව යුතු අංශ සමාජ සංවේදීභාවය ගිලිහී යන පරිදි ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කිරීම.
- තෙවන රැල්ල ආරම්භයට තුඩු දෙන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ම දෙවන රැල්ල මැඩ පැවැත්වීමට දී තිබූ උපායශීලි නිර්නායක අධිතක්සේරුවකින් අවුරුදු උත්සවය සැමරීම සඳහා ලිහිල් කිරීම හා අවුරුදු උත්සවය සැමරීමට නිරෝධායන නීති අභිබවා සෞඛ්‍ය අමාතංශ්‍යය විසින්ම නව නීති සැකසීම.
- නිදහස් සංචරණයට පිළිගත් ක්‍රමවේදයක් අනුව අවශ්‍ය අවස්ථාව ලබා නොදී වගකීම් විරහිත වන අකාරයට ඒ සඳහා ජනතාව පෙළඹවෙන පරිදි කිසිදු ආකාරයක වගකිව යුතු ආයතන ප්‍රායෝගික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක නොකොට වසංගත තත්ත්වය ඉතා විශාල ලෙස මැඩ පවත්වා ඇති බව අතිශෝක්තියෙන් හුවා දක්වමින් ජනතාවට නිදහස් සංචරණයෙන් බලගැන්වීම හා වගකීම් විරහිතව කටයුතු කරන පරිදි ප්‍රකාශ නිකුත් කිරීම.
- කාලානුරූපීව ජාත්‍යන්තරව විශාල වශයෙන් කෝවිඩ් වෛරසය ආසාදන තත්ත්වයන් හමුවේ ආර්ථිකය දියුණු රටවල පවා පවතින විවිධ වෛරස ප්‍රභේදයන් සම්බන්ධයෙන් හා එම වෛරස ප්‍රභේදයන් ලංකාවට පැමිණෙන ආසාධිත සංචාරකයන්ගෙන් ලාංකීය ජනතාව තුළ ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සොයා බැලීමක් නොමැති වීම හා ඒ සම්බන්ධයෙන් තත් කාලීනව ප්‍රාදේශීය මට්ටමින් ඇති තත්ත්වයන් අධීක්ෂණය නොකිරීම හා ජනතාව දැනුවත් නොකිරීම.
- පටු ආර්ථික ලාබ අපේක්ෂාවෙන් ඉතා භයානක වෛරස ප්‍රභේද ඇති එංගලන්තය, ඉන්දියාව, යුක්රේනය වැනි රටවලින් සංචාරකයන් හට නිදහස් සංක්‍රමණයට ඉඩ දීම හා මෙම සංචාරකයන්ගෙන් රට තුළට පැමිණ සිටි ජාතිකයන් රටේ ජාතික ධනය භාවිතාකොට රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ සේවා සපයමින් ප්‍රතිකාර කොට විශාල වශයෙන් රාජ්‍ය ධනය මෙම සංචාරයකයින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා පිරිවැය දැරීම දරාගත නොහැකි තරම් ආර්ථික හානියක් සිදු කිරීම.