කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතය නිසා මෙරට රැකියා අහිමිවු ප්‍රමාණය දැනට වාර්තාවි තිබෙන ප්‍රමාණය පහළොස් දහසක් පමණ බව කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව තමන්ගේ උපදෙස් මත පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්ම් පළකොට රැකියා අහිමිවන අයගේ තොරතුරු රැස් කළ අතර දැනට කම්කරු දෙපාර්තමේන්තුවට ලැබි තිබෙන රැකියා අහිමිවු ප්‍රමාණය වන බවත් මෙය බලාපොරොත්තුවූ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් බව පැවසීය.
මේ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටියේ ඉකුත් වසරේ දෙසැම්බර් (31)වනවිට දෙපාර්තමේන්තුවට ලැබිතිබුණු රැකියා අහිමිවූවන්ගේ ප්‍රමාණය දොළොස් දහසක්වූ අතර මේවසරේ මේවනවිට ඉතිරි ප්‍රමාණය ලැබි තිබෙන අතර අවිධිමත් හා ඊ.පි.එෆ්. හා ඊ.ටි.එෆ්. නොගෙවන ආයනතවල සිට රැකියා අහිමිවූවන් ගැන තොරතුරු දැනගන්න ක්‍රමවේදයක් නොමැති බවද ඒ මහතා පැවසීය.