21.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්නාවික හමුදාවෙන් කොවිඩ් ප්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථානයක්.

නාවික හමුදාවෙන් කොවිඩ් ප්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථානයක්.

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ ඇඳන් 162කින් සමන්විත කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ (04) දින වැඩ අවසන් කර ප්‍රතිකාර කටයුතු සඳහා සූදානම් කර ඇත.

ආධුනික නාවිකයන් පුහුණු කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුර තුළ භාවිතා කරන ලද සිව් මහල් (04) ගොඩනැගිල්ලක් ජාතික අවශ්‍යතාවය මත නාවික හමුදාව විසින් මෙලෙස කොව්ඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් පරිවර්ථනය කරන ලදී. 

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 12කින් සමන්විතවන අතර, එහි ඇඳන් 150ක පහසුකම් ලබාදීමේ හැකියාව පවතී. 

එමෙන්ම එහි ඇඳන් 12කින් සමන්විත විශේෂ ප්‍රථිකාර ඒකකයක්ද (High Dependency Unit- HDU) ස්ථාපනය කර ඇත.

නාවික හමුදා වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලයක් ද ඊට අනුයුක්ත කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments