26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්වතුකම්කරු වැටුප් වැඩිකිරිම පිළිබඳ පෙත්සම් විභාගය කල්යයි.

වතුකම්කරු වැටුප් වැඩිකිරිම පිළිබඳ පෙත්සම් විභාගය කල්යයි.

තේ සහ රබර් වතු සේවක දෛනික අවම වැටුප රුපියල් 1,000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය බලශුන්‍ය කිරීමට රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20ක් විසින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය මැයි මස 31 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම් අද (05) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත්තේය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු ඉදිරිපත්කිරීම සිදුවූ අතර වැඩිදුර විභාගය මේ මස 31 වනදා තෙක් කල් දැමිණි.

ආගරපතන වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු 20 දෙනෙක් විසින් ගොනුකර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම්කර තිබේ.

නොබෝදා තේ සහ රබර් වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් විය යුතු බවට රජය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළේය.

මෙය නීතිවිරෝධී තීන්දුවක් යැයි පෙන්වාදෙන පෙත්සම්කරුවන් මෙලෙස හදිසියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම නිසා වතු කර්මාන්තය අර්බුදයකට ලක්වන බවද පවසයි.

එබැවින් වතු කර්මාන්තයේ නියැලෙන කම්කරුවන්ට දෛනික අවම වැටපු රුපියල් 1000ක් බවට ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදචනය අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන්  සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments