29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන හදන හැටි එ.ජා.ප. සභාපති කියයි.

කොවිඩ් ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන හදන හැටි එ.ජා.ප. සභාපති කියයි.

ගාල්ල දිස්ත්‍රික්කය ප්‍රමුඛ රටේ නොයෙකුත් ප්‍රදේශවල පසුගිය රජය සමයේ ඉදිකරන ලද ගොඩනැගිලි රැසක් ප්‍රයෝජනයට නොගෙන තිබෙන බැවින් ඒ සියල්ල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන බවට පත්කර ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

ගාල්ල කරාපිටියේ ඉදිකර තිබෙන ඇදන් 400 ක රෝහල් ව්‍යාපෘතිය පහසුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කළ හැකි බව පෙන්වාදෙන අබේවර්ධන මහතා ඒ අනුව එහි කොරෝනා රෝගීන් 800 කට 900 කට පමණ ප්‍රතිකාර ලබාදිය හැකි බව සිහිපත් කළේය.

පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගය ව්‍යාප්ත වීම හා රෝහල් පහසුකම් සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා තවදුරටත් මෙසේද කීය‍.

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ව්‍යාප්තිය ඉතා නරක තත්ත්වයට පත්ව තිබෙනවා. මේ තත්ත්වය හමුවේ රෝගීන්ට ප්‍රමාණවත් ඇඳන් හා පහසුකම් රෝහල්වල ඇත්තේ නැහැ. අපේ පාලන කාලයේදී මෙන්ම ඊට පෙර පැවැති පාලන කාලයේ “හෙල්මට්නැමති පදනමෙන් කරාපිටියේ රෝහල් ව්‍යාපෘතියක් ආරම්භ කළා. එහි වැඩකටයුතු නිම වී තිබෙන නිසා එය වහාම භාවිතයට ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙම රෝහලේ කොරෝනා රෝගීන් 800 කට 900 කට පමණ පහසුකම් සැලසිය හැකියි. ඔක්සිජන් සැපයිය හැකි ආකාරයට ගොඩනගා තිබෙන මෙම රෝහලට අවශ්‍ය වන්නේ ප්‍රධාන ඔක්සිජන් ටැංකි ටික පමණයි. එමෙන්ම ත්‍රී පේස් ට්‍රාන්ස්ෆෝමර්, මළ අපවහාන පද්ධති හා ඊට අවශ්‍ය පහසුකම් සපයාගත යුතුව තිබෙනවා. එම අඩුපාඩු කඩිනමින් සපුරනවානම් මෙය ප්‍රයෝජනයට ගත හැකියි.

අධික මුදලක් වැය කරමින් ඉදිකරන ලද මෙම නව ගොඩනැගිල්ල අපේ පාලන කාලයෙන් පසු අතහැර දමා තිබෙනවා. මෙහි තිබෙන සුළු අඩුපාඩුකම් සම්පූර්ණ කර එය ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කඩිනමින් ප්‍රයෝජනයට ගත යුතුයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේ වෙනත් ප්‍රදේශවලද පසුගිය රජය සමයේ ඉදිකරන ලද මෙවැනි ගොඩනැගිලි රැසක් තිබෙනවා. එම ගොඩනැගිලිද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත් කරගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments