28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මහරගම නගර සභාවේ මන්ත්‍රී ගුටිබැට හුවමාරුවක්.

මහරගම නගර සභාවේ මන්ත්‍රී ගුටිබැට හුවමාරුවක්.

මහරගම නගර සභාවේ මහජන එක්සත් පෙරමුණු මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිනී සාවිත්‍රි ගුණසේකර අතර අද (06) ඇති වූ වචන හුවමාරුවක් ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබුණි.

සිද්ධියට මැදිවූ මන්ත්‍රිනී සාවිත්‍රි ගුණසේකරගේ දුරකථනය එම අවස්ථාවේදී අස්ථානගත වී ඇති අතර ඒ පිළිබඳ මහරගම පොලීසියේ පැමිණිල්ලක්ද ගොනු කර තිබේ.

මීට සති දෙකකට පමණ පෙර මහරගම නගර සභාවේ මන්ත්‍රී නිල කාමරයේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා සහ සාවිත්‍රි ගුණසේකර මන්ත්‍රීවරිය අතර උණුසුම් තත්ත්වයක් හටගැනීමට හේතු වී තිබුණි.

අදාළ සිද්ධිය අන්තර්ජාලයට මුදාහැර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අද පැවති මහසභා රැස්වීමේදී මන්ත්‍රී රුවන් සේනාරත්න විසින් සභාවට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. 

සති දෙකකට ඉහත දී සිදුවූ එම සිදුවීම සම්බන්ධයෙන් රුවන් සේනාරත්න මන්ත්‍රීවරයා අද සිදුකළ ප්‍රකාශය සාවිත්‍රි ගුණසේකර මන්ත්‍රීවරිය විසින් වීඩියෝගත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එම උණුසුම් තත්ත්වය ඇතිව තිබුණි.

ඒ අදාළ මන්ත්‍රීවරිය වීඩියෝ කරමින් සිටි දුරකථනයට අතින් පහරදී බාධා කිරීමත් සමගය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments