29.2 C
Sri Lanka
Friday, June 27, 2025
Homeදේශීය පුවත්ජනපති ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා සමග සාකච්ඡාවක්.

ජනපති ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා සමග සාකච්ඡාවක්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 සපයා ගැනීමට උදව් කරනු ඇති බවය.

ජනාධිපතිවරයා තම ට්විටර් පණිවුඩය ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දෙවන මාත්‍රාව ලබාදීමට ලොවපුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවයක් ඇති බවය.

එසේම හදිසි භාවිතය සඳහා චීනයේ සිනෝෆාම් එන්නතට ඉදිරි දින කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබාදිය හැකි බවට කරුණු හෙළිවූ බව ජනපතිවරයා පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments