නීතිවිරෝධීව මෙරටට ගෙන්වා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්. දුම්වැටි දෙලක්‍ෂ දොළොස් දහසක් පමණ එලෙස සොයාගෙන තිබෙනවා.
මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළා.