29.7 C
Sri Lanka
Sunday, June 8, 2025
Homeදේශීය පුවත්ආසාදිතයින් වැඩිම ග්‍රාමසේවා වසම්වලට සයිනොෆාම් පළමුවෙන්.

ආසාදිතයින් වැඩිම ග්‍රාමසේවා වසම්වලට සයිනොෆාම් පළමුවෙන්.

චීනයෙන් මෙරටට ලබාදුන් සයිනොෆාම් එන්නත මෙරට පුද්ගලයින්ට ලබාදීමේදී කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ග්‍රාමසේවා වසම්වල පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ලබන සතියේ සිට එම එන්නත මෙරට පුද්ගලයින්ට ලබාදීම ආරම්භ කරන බවයි.

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත හදිසි භාවිතය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව බටහිර නොවන රටක සංවර්ධනය කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ පළමු කොවිඩ් එන්නත බවට සයිනොෆාම් එන්නත පත් වුණා. මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය හිමිව තිබුණේ ෆයිසර්, ඇස්ට්‍රා සෙනිකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ මොඩර්නා යන එන්නත් සදහායි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments