කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රමාදය මෙරට කොරෝනා මරණ ඉහළ යාමට හේතුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පෙන්වා දෙනවා.
වෛද්‍යවරුන්ගේ උපදෙස් නොතකා දේශපාලන තීන්දු ගෙන වසංගත රෝග තත්ත්වයන් වළක්වා ගත නොහැකි බව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියි.
රසායනික පොහොර සහ කෘමි නාශක භාවිතය නතර කිරීම ක්‍රමානුකූලව සිදුකළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙහිදී වැඩිදුරටත් කියා සිටියි.