ගාල්ල වාණිජ මණ්ඩලය රජය කළ යුතු වැඩක් සිදු කළා. ඒ පිළිබඳව අපි ගාල්ල වාණිජ මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. රජයට මහජනතාවට ආරක්ෂාව ලබාදීමට නොහැකි වූ තැන වාණිජ මණ්ඩලය ජීවිත ආරක්ෂාව සඳහා ගාල්ල නගරයේ කඩ සියල්ලක් වසා දැමීමට තීරණය කළා. එසේ සිදු කිරීමෙන් ලංකාවෙම වාණිජ මණ්ඩලවලටත් ආදර්ශයක් ලබාදුන්නා. එය ඉතාම හොඳ ක්‍රියාවක්. මෙ අනුව අපට පෙනී යනවා රජයේ වගකීම නිසියාකාරව සිදු කරන්නෙ නැහැ කියන බව. ඒ නිසා ජනතාව තමන්ගෙ ආරක්ෂාව සඳහා පියවර ගනිමින් සිටිනවා. ගාල්ල වාණිජ මණ්ඩලය ලබා දුන් පණිවුඩය මුළු මහත් ශ්‍රී ලංකාවටම ඉතා වැදගත්. ඒකයි අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයත් ප්‍රකාශ කළේ කල්තියාම සියල්ල සූදානම් කරගෙන බුද්ධිමත්ව වැඩ කටයුතු සිදු කරන්න කියලා.
ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොවේ. මුළු මහත් රටේම මේ නරක තත්ත්වය ඉතාම වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මේ තත්ත්වය පාලනය සඳහා ජාතික සැලැස්මක් වගේම විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ කිසිවක් මේ අවස්ථාව වන විට අපට පෙනෙන්න නැහැ.
ඇත්තවශයෙන්ම ඒ නිසා තමයි අපි කිව්වේ සියලු සංවර්ධන වැඩ නවත්වාහෝ ප්‍රමුඛත්වය දිය යුත්තේ මනුෂ්‍ය ජීවිත ආරක්ෂාව සඳහායි කියලා. නියමිත වේලාවට අවශ්‍ය කරන එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය කිසි සේත්ම වෙන් කරපු බවක් අපට දැන ගන්නට නැහැ. ඒ වගේම නියමිත වේලාවට අදාල රටවලින් අවශ්‍ය එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර රජය ක්‍රියාත්මක කළේ නැහැ. අපි දැක්කා ලෝක සෞඛ්‍ය සංවිධානයත්ප්‍රකාශ කරලා තියෙනවා ලංකාව සති කීපයකට හෝ ලොක්ඩවුන් කිරීම වඩාත් යෝග්‍යයි කියලා. එවැනි ලොක්ඩවුන් කිරීමකට රට නොගියත් මේ අවස්ථාව වන විට රටේ අධිකරණ පද්ධතිය, රටේ පරිපාලන පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙලා ක්‍රියා විරහිත වෙලා තිබෙන්නේ.
අවම වශයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 150 ක් වත් රට තුළට ගෙනැවිත් රටේ ජනතාවට එන්නත් ලබා දීම සිදු කළා නම් රට ලොක් ඩවුන් නොකර ඉදිරියට ගෙනියන්න තිබුණා. රටට අවශ්‍ය එන්නත් මාත්‍රා ප්‍රමාණයත් රට තුළ නැහැ, මහජනතාවට අවශ්‍ය කරන එන්නත් ලබා දීමට රජයට ක්‍රමවේදයකුත් නැහැ. එතකොට රටත් නියමිත වෙලාවට දින කිහිපයක්, සති කිහිපයක් ලොක් ඩවුන් කරලා ඒ ලොක් ඩවුන් එකේදි ජනතාව බලාගන්න අවශ්‍ය ආධාර උපකාර ලබා දීමට රජයට ශක්තියකුත් නැතිනම්, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම රටේ ආර්ථික පරිපාලනය කඩා වැටිලා තිබෙනවා.
එවැනි තත්ත්වයක් තුළ මහජනතාව ඉතාම අසීරු තත්ත්වයකට පත්වෙලා තිබනෙවා. ඒ නිසා රජය කඩිනමින් මේ පිළිබඳ අවධානය යොමුකළ යුතුව තිබෙනවා. විශේෂයෙන් අප පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ සියලු කරුණු කාරණා පිළිබඳව මාස 8 කට පමණ ඉහතදී ඉතාම පැහැදිළිව රජයට ප්‍රකාශ කරලා තිබෙනවා