තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව රට වැසියන් වෙනුවෙන් පෙරට එන තරුණ ජවය සමග එක්ව ක්‍රියාත්මක “දින 10න් ඇඳන් 10,000ක්” ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු ඉටු වන ආකාරය පිළිබඳව සොයා බැලීමට අමාත්‍යවරයා මේ දිනවල නිරීක්ෂණ චාරිකාවන්ට එක්වේ.
මෙම සද්කාර්ය උදෙසා තරුණ ප්‍රජාව දිරිගන්වමින් එම කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කරන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (08) දින කළුතර දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවට එක්විය.
එහිදී ”දින 10න් ඇඳන් 10,000ක්” ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව සංජීව එදිරිමාන්න මන්ත්‍රීතුමන්ගේ සංවිධායකත්වයෙන් ක්‍රියාත්මක වන කොවිඩ් රෝගීන් සඳහා සැකසෙන ඇඳන් නිරීක්ෂණයට අමාත්‍යවරයා එක්විය.
සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා මේ වනවිටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉංගිරිය රෝහලේ ස්ථාපිත කර ඇති අතර, තවත් ඇඳන් 250ක් අංග සම්පූර්ණ කර පරිත්‍යාග කිරීම ඉලක්ක කර ඇත.
මෙම දුෂ්කර හා අභියෝගාත්මක කාල වකවානුවේ රට වැසියන් වෙනුවෙන් ඉටු කරන මෙම සද්කාර්යය තව තවත් ඉදිරියට කරගෙනයාමට ”දින 10න් ඇඳන් 10,000ක්” ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ සියලුම තරුණ ප්‍රජාව වෙත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කළේය.